ශ්‍රී ලංකාවේ දියුණුව සිය අපේක්ෂාවයි : බෝරා නායකයා ජනපතිට කියයි

බෝරා ප්‍රජාවේ අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් සහෙබ්තුමා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර හමුවක් අද (11) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ මිරිහානේ පිහිටි පෞද්ගලික නිවසේ දී සිදු විය.

මිලියනයකට ආසන්න බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ ඉන්දියාව, පාකිස්ථානය, ඇමරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, කැනඩාව, ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව ඇතුළු රටවල් ගණනාවක වාසය කරති. තමා ඉතා ඇලුම් කරන රටක් ලෙස ශ්‍රී ලංකාවට පැමිණීමට ලැබීම පිළිබඳ සතුටට පත්වන බවත්, ඉදිරියටත් සිය අනුගාමිකයන් සමග මෙරටට පැමිණෙන බව සෙයිෆුද්දීන් සහෙබ්තුමා සඳහන් කර සිටියා.

රජය ගෙන යන කොවිඩ් පාලන වැඩපිළිවෙළ පැසසුමට ලක් කළ සහෙබ්තුමා ශ්‍රී ලංකාවේ දියුණුව තමා අපේක්ෂා කරන බව ද සඳහන් කර සිටියා.

කොවිඩ් ඉටුකම අරමුදලට බෝරා ප්‍රජාවේ නායක සෙයිෆුද්දීන් සහෙබ්තුමා කළ පරිත්‍යාගයට ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා, ආයෝජන සහ වෙළෙඳ කටයුතු සිදු කරමින් බෝරා ප්‍රජාව මෙරට ආර්ථිකයට ලබාදෙන දායකත්වය අගයනු ලැබුවා.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ බෝරා ප්‍රජාවේ සාමාජිකයෝ කිහිපදෙනෙක් මෙම හමුවට එක්ව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කවුද මේවට අවසර දුන්නේ.. ජනාධිපතිතුමා සැර වෙයි
09:01
Video thumbnail
රටේ ව්‍යවසනයන් අතර ජාවාරම්කාරයන් ගැන අපි මෙහෙයුම් කළා..නාකොටික් DIG සියල්ල හෙළිකරයි
03:57
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙහි කපයි
11:00
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා  "වීරා"
00:36
Video thumbnail
බදුල්ල මඩකලපුව A5 මාර්ගය මිල්ලබැද්ද ප්‍රදේශයෙන් ගිලා බසියි..මුළු පාරම ඉවරයි..හැම තැනම ඉරිතලලා
03:22
Video thumbnail
විපතට පත් වූවන් සජිත් ළඟ දුක කියා හඬා වැටෙයි
04:09
Video thumbnail
ගංවතුරෙන් නිවාස ය#වීම නිසා කොටිකාවත්ත ගම්මු දැඩි අසරණවෙයි..සුද්ද කරන්න සුමාන දෙකක්වත් යයි
03:55
Video thumbnail
වෛද්‍යවරුන්ගෙන් ජනතාවට විශේෂ දැනුම්දීමක්
13:27
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06


?