AFC Banner
Empty Ad
Empty Ad

ආරක්ෂක අංශ සාමාජිකයින් දෙදෙනෙක් ගැන අමෙරිකාවෙන් තීන්දුවක්

මානව හිමිකම් කඩකිරීමේ චෝදනා සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ සමාජිකයින් දෙදෙනෙකුට අමෙරිකා එක්සත් ජනපදය සංචාරක තහනම් පනවා තිබෙනවා. 

එලෙස අමෙරිකා විසින් සංචාරක තහනම් පනවා ඇත්තේ නාවික හමුදා බුද්ධි අංශ නිලධාරියෙකු වු චන්දන හෙට්ටිආරච්චිට සහ යුද හමුදා සැරයන්වරයෙකු වූ සුනිල් රත්නායකටයි. 

2008 – 2009 කාල සීමාවේදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී තරුණයින් 11 දෙනෙකු ඝාතනය කිරීමේ සිදු වීමට අදාලව චෝදනා කරමින් නාවික හමුදා නිලධාරී චන්දන හෙට්ටිආරච්චිට එම තහනම පනවා තිබෙනවා. සැරයන් සුනිල් රත්නායකට එල්ල වී ඇති චෝදනාව වන්නේ 2000 වසරේ දෙසැම්බර් මාසයේදී සිවිල් වැසියන් 08 දෙනෙකු ඝාතනයට අදාලවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
7
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?