ශ්‍රී ලංකා ආර්ථිකයේ නිරුවත ට්විටර් පණිවිඩ පහකින් හෙළිවෙයි

ශ්‍රී ලංකා මහ බැංකුව සතු ඩොලර් සංචිත ඉතා ශීඝ්‍රයෙන් පහළ වැටෙමින් තිබෙන බව ජේෂ්ඨ ව්‍යාපාරික මාධ්‍යවේදියකු වන ශිහාර් අනීස් අනාවරණය කරනවා.

අවස්ථා පහකදී නිකුත් කෙරෙන මෙම ට්විටර් පණිවිඩ හරහා මෙම මාධ්‍යවේදියා සඳහන් කරන්නේ වත්මන් ප්‍රවණතාව අනුව තවත් නොබෝ දිනකින් ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර සහ ඛනිජ තෙල් ගෙන ඒමටත් මුදල් නැති වීමේ අවදානමක් ඇති බවයි.

ශ්‍රී ලංකාවට ලබන ජනවාරියේ ඇමරිකානු ඩොලර් මිලියන 500 ක ණය වාරිකයක් ගෙවීමට ඇති අතර මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් දිගින් දිගටම පවසන්නේ එම ණය වාරික ගෙවීම ප්‍රමාදයකින් තොරව සිදුකරන බවයි.

කෙසේ වෙතත් මේ වන විට මෙරට ආර්ථිකයේ උද්ගතව ඇති තත්ත්වය අනුව එම ණය වාරික ගෙවීම් ද බරපතළ අවුල් සහගත තත්ත්වයකට වැටී ඇති බවයි ශිහාර් අනීස් අනිත් විශ්ලේෂණය කරන්නේ.

නොවැම්බර් මාසය අවසන් වන විට මෙරට තුළ සංචිත පහළ වැටීම 40.2% විය හැකි බවට පුරෝකථනය කරන ඔහු පවසන්නේ ශ්‍රී ලංකාවේ නිල සංචිත පහළ වැටීමේ ප්‍රතිශතය ද  30.1%ක් බවයි.

නොවැම්බර් මස මුලදී ඇමරිකානු ඩොලර් බිලියන 2.3 තිබූ මෙරට නිල සංචිත ප්‍රමාණය 1.6 දක්වා පහළ බැස තිබෙනවා.

 එමෙන්ම ජනවාරි මාසය වන විට ඇමරිකානු ඩොලර් බිලියන 500 ක ණය වාරිකයක් ශ්‍රී ලංකාව විසින් ගෙවිය යුතු වන අතර ඒ සඳහා ඒ වනවිට මෙරට මහ බැංකු සතු විදෙස් මුදල් සංචිත ප්‍රමාණය දළ වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන එකක් පමණ වනු ඇති බවටයි මෙම ජේෂ්ඨ මාධ්‍යවේදීයා පුරෝකතනය කරන්නේ.

මෑතකදී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සිදු කළ ඉන්දීය සංචාරය තුළදී ලාපොරොත්තු වූ ප්‍රමාණයේ මූල්‍යමය සවිමත් භවයක් ලබා ගැනීමට නොහැකි වූ අතර ඉන් මෙරට ආර්ථිකයට එක් වන්නේ ද ඇමරිකානු ඩොලර් මිලියන 400 කට සන්න ප්‍රමාණයක්.මේ අතර මෙරට ආර්ථිකයේ ඉදිරි මාස හය සම්බන්ධයෙන් වන වැඩපිළිවෙළ හෙළි කරමින් මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් කියා සිටියේ එම කාලය තුළ ඇමෙරිකානු ඩොලර් බිලියන 4.7 ක සෘජු විදෙස් ලැබීම් මෙරට ආර්ථිකයට එක්වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඡන්දය කාලේ ගොවියා දෙවියා දැන් කසිප්පුකාරයා..සජිත් නැගිටලා ආණ්ඩුවට ප්‍රශ්න වැලක් කියයි
19:13
Video thumbnail
රෝහිණි කවිරත්න අධිකරණයට බරපතළ අපහාසක් කළා
07:57
Video thumbnail
කථානායකට කියලා දෙන්න ගිය අර්චුනා හොඳම එකෙන් අහගයි
00:50
Video thumbnail
පාර්ලිමේන්තුව ගිනි තියන්න ආපු අය දැන් කියනවා අපි සෙංකෝලය උස්සනවලු
01:35
Video thumbnail
උසස්වීම් බලාගෙන විනිසුරුවන් ආණ්ඩුවට සපෝට් එක දෙනවා ද..?
08:30
Video thumbnail
අභීතගේ සමාජ මාධ්‍ය සංවාදය ගැන පොහොට්ටුව පිළිතුරු දෙයි - පක්ෂයේ අනුග්‍රහය මත තිබ්බ දෙයක් නෙවෙයි
02:19
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට නාමල් රිදෙන්නම දෙයි
09:51
Video thumbnail
Covid කාලයේ මේ ආණ්ඩුව තිබ්බනම් මිනිස්සුන්ට දෙවියන්ගෙම පිහිටයි - ආණ්ඩුවේ අයට කිසිම දැණුමක් නෑ
03:23
Video thumbnail
කොරියානු හිටපු තානාපතිවරයා සහ නාමල් අතර විශේෂ හමුවක් - මහින්දගේ කාලයේ කළ වැඩ ගැනත් හොඳ කියයි
02:05
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන උඩුයටිකුරු වුණු මෝටර් රථය
00:59