AFC Banner
Empty Ad
Empty Ad

ජනතාව බැන්නත්, පඹයෝ පිච්චුවත් අපි ජනතාව අතරට යා යුතුයි

දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ සියලු පක්‍ෂ එක රෑනට එකට සිටිය යුතු බවත්, ඒ සමඟිය රැකීම ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ඇතැම් පක්‍ෂ කුඩා විය හැකි නමුත් දේශපාලනයේදී වැදගත් වෙන්නේ ලොකු කුඩා නොව අරමුණ බව කී අග්‍රාමාත්‍යවරයා ‘ඒ කවුරුත් අපේ ආධාරක, කිහිලිකරු හෝ අතකොලු නෙවෙයි. අපිත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අය යැයි ද සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී අද (2) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

සමඟිය අත වැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ලැබුණු උරුමයක් බව කී අග්‍රාමාත්‍යවරයා දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ කවුරුත් ඈත් කළ නොහැකි බව ද කීවේය.
ආණ්ඩු බලයෙන්, අමාත්‍යාංශවලින්, රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේ ඇතැයි කී මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය කාලයේ ගුරු වර්ජනය දුරදිග ඇදී ගියේත්, ගොවි උද්ඝෝෂණ මෙතරම් බරපතල ලෙස ඇදී යන්නේත් ඒ අය අතර වැඩ නොකළ නිසා යැයි පැවසීය.

රජය ජනතා හඬ තේරුම් ගත යුතු බව කී අගමැතිවරයා රජය එම දේශපාලනයෙන් ඈත්වුවහොත් පරාජය කළ බලවේල පටු වාසි ගැනීමේ අරමුණින් ජනතාව අතරට රිංගා විශාල අවුල් ඇතිකරන බව ද කීවේය.

ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතා අපහසු දුෂ්කර තත්වයක බව අමතක නොකළ යුතු බව කී අග්‍රාමාත්‍යවරයා මෙවැනි කාලවල නොකළ වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට බවත්, ජනතාව බැන්නත්, පඹයෝ පිච්චුවත් ජනතාව අතරට යා යුතු බව ද සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ආර්ථිකය අපහසු වයෝවෘධ පුද්ගලයන්ට - ජාතික ජන බලවේග ආණ්ඩුවේන් ලැබෙන්න යන සහනය #npp
06:55
Video thumbnail
පාර්ලිමේන්තුව විසුරුවන දවස මාලිමාවේ ප්‍රභලයෙකු කියයි...#npp #akd
00:59
Video thumbnail
දිනලා පෙන්නුවා වගේ - මේකත් කරලා පෙන්නන්නම් - සමන්ත විද්‍යාරත්න ඇඩ්‍රස් නැතිවෙන්නම කිව්ව කතාව
03:31
Video thumbnail
සංවේදී වූ සේනානායක වෙරලියැද්ද - W ජයසිරි ගැන කිව්ව කතාව
01:46
Video thumbnail
මැති ඇමතිවරුන්ගේ සැප වාහන ගාලු මුවදොර ගාල් කරයි
01:40
Video thumbnail
රූමත් තරණියක් Live ඇවිත් කාදිනල්ගෙන් අහපු ප්‍රශ්නය #breakingnews #viralvideo
03:20
Video thumbnail
බිත්තරේ මිල අඩුවෙයි - කවුරුත් බලාසිටි සැබෑ වෙනස මෙන්න #eggprice
02:36
Video thumbnail
දුක් සෝ සුසුම් මැද නික්ම ගිය W ජයසිරි - අවසන් කටයුතු සිදුවුණ විදිය මෙන්න
01:16
Video thumbnail
කටින් පම්පෝරි ගැසූ පර්මිට් මරික්කාර්, රෙදි ගලවා ගනී
01:40
Video thumbnail
අනුර කුමාර ජනාධිපති එක්ක - අයියයි මල්ලී වගේ ඉඳලා මොකද වුණේ ? කුමාර ගුණරත්නම් කොර වුණ ප්‍රශ්නය
04:10

?