ජනතාව බැන්නත්, පඹයෝ පිච්චුවත් අපි ජනතාව අතරට යා යුතුයි

දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ සියලු පක්‍ෂ එක රෑනට එකට සිටිය යුතු බවත්, ඒ සමඟිය රැකීම ප්‍රධාන පක්‍ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වගකීමක් බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා පැවසීය.

ඇතැම් පක්‍ෂ කුඩා විය හැකි නමුත් දේශපාලනයේදී වැදගත් වෙන්නේ ලොකු කුඩා නොව අරමුණ බව කී අග්‍රාමාත්‍යවරයා ‘ඒ කවුරුත් අපේ ආධාරක, කිහිලිකරු හෝ අතකොලු නෙවෙයි. අපිත් එක්ක එකට එක අරමුණකට ගමන් කරන අය යැයි ද සඳහන් කළේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මේ බව පැවසුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්‍ෂ රඟහලේ දී අද (2) පැවති ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පස්වැනි සංවත්සර උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.

සමඟිය අත වැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් ලැබුණු උරුමයක් බව කී අග්‍රාමාත්‍යවරයා දුෂ්කර අවස්ථාවල එකට සිටි, එක අරමුණක් වෙනුවෙන් සටන් කළ කවුරුත් ඈත් කළ නොහැකි බව ද කීවේය.
ආණ්ඩු බලයෙන්, අමාත්‍යාංශවලින්, රාජ්‍ය ආයතනවලින් කරන්න බැරි බොහෝ දේ ඇතැයි කී මහින්ද රාජපක්‍ෂ මහතා පසුගිය කාලයේ ගුරු වර්ජනය දුරදිග ඇදී ගියේත්, ගොවි උද්ඝෝෂණ මෙතරම් බරපතල ලෙස ඇදී යන්නේත් ඒ අය අතර වැඩ නොකළ නිසා යැයි පැවසීය.

රජය ජනතා හඬ තේරුම් ගත යුතු බව කී අගමැතිවරයා රජය එම දේශපාලනයෙන් ඈත්වුවහොත් පරාජය කළ බලවේල පටු වාසි ගැනීමේ අරමුණින් ජනතාව අතරට රිංගා විශාල අවුල් ඇතිකරන බව ද කීවේය.

ඡන්දය දුන් ජනතාව දැන් ඉන්නේ ඉතා අපහසු දුෂ්කර තත්වයක බව අමතක නොකළ යුතු බව කී අග්‍රාමාත්‍යවරයා මෙවැනි කාලවල නොකළ වැරදිවලට වුණත් ජනතාව බනින්නේ ආණ්ඩුවට බවත්, ජනතාව බැන්නත්, පඹයෝ පිච්චුවත් ජනතාව අතරට යා යුතු බව ද සඳහන් කළේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කාලගුණය උඩු යටිකුරු වන ලකුණු..ඉදිරියේදී වැසි වැඩිවෙයි - සුළං තත්ත්වයේ වැඩිවීමක්
03:40
Video thumbnail
පෙරහැරේ පිටුපසින් දුටු අපූරු දසුන... පෙරහැර මැද කැමරා ඇසක් වූ දියවඩන නිලමේ
00:10
Video thumbnail
ජොන්ස්ටන් ආණ්ඩුවට රිදෙන්නම දෙසයි..මෙයාලා පට්ටපල් බොරු කිව්වේ"මහින්ද ගත්ත චෙක් කෝ දැන් "
04:38
Video thumbnail
තව ටික දවසක් බලන් ඉමු, හන්දියක් හන්දියක් ගාණේ කියපු හොරු ටික අල්ලනකල්..
00:14
Video thumbnail
අනේ හාමුදුරුවනේ අමු පචකාරයෝ ඉන්නේ - පොඩි ළමයිනේ..ගිණුම හොයාගන්න බැරි බබාලා
11:47
Video thumbnail
ජනාධිපති ගොවි පුතා කොළඹ කාර්යාලයේ, ගොවියෝ ආර්ථිකය වැටිලා මහ පාරේ..
00:12
Video thumbnail
කාටවත් බෑ මට හොරා කියන්න - මං අවුරුදු 5ක් ටොප් එකට ඇමතිකම් කළා
04:21
Video thumbnail
නවතා තිබූ බස් එකකට හොරෙන්න රිංගලා ෆුල් සුද්දයක් දුන්න හොරා - කුරුමාණම අල්ලලා සාක්කුවට දාගන්නවා
01:56
Video thumbnail
මහින්දලා, ගෝඨා එක්ක හැප්පෙන්න හයිය හම්බවුණේ අපේ අත්දැකීමෙන් - පච පොත් පිටින් ලිව්වේ..පිටු 237ක්
10:56
Video thumbnail
පොහොට්ටුවේ මීනු කළුතර හොල්ලයි..නාමල්ගේ Meetingවලට එන සෙනඟ දැකලා NPP එකේ කකුල් වෙව්ලනවා
07:01