අධ්‍යක්ෂවරුන් ලිංගික අල්ලස් ඉල්ලන හැටි ප්‍රසිද්ධියේම හෙළි කළ නිළිය

ඉන්දියානු චිත්‍රපට නිළියක වන, ඊෂා ගුප්තා ආන්දෝලනාත්මක පුවත් මවන්නියකි. පසුගිය දා ඇය සමාජ මාධ්‍ය ඔස්සේ වැඩි කතාබහට ලක් වූයේ ලොකු එල්ලෙන ඩෙනිම් කලිසමකින් පමණක් සැරැසී උඩුකය නිරාවරණය වූ ඡායාරූප කීපයක් ඉන්ස්ටග්‍රෑම් ගිණුම ඔස්සේ පළ කළ නිසාය.

දැන් ඊෂා යළි ආන්දෝලනයක් ඇති කර තිබේ. ඒ ඇය රංගනයට පිවිසි මුල් අවදියේදී සිදුවුණු අමිහිරි අත්දැකීම් පෙළක් සිහිපත් කරමිනි. ඊෂා ඇගේ මෙම අමිහිරි අත්දැකීම් හෙළි කළේ ‘ Bollywood Bubble සමඟ විවෘත සන්වාදයකට එක් වෙමිනි. තමන් පළමුවෙන් රංගනයට පිවිසෙද්දී, එක්තරා ජනප්‍රිය අධ්‍යක්ෂවරයකු සහ ප්‍රකට නිෂ්පාදකවරයකු තමන්ගෙන් ‘ලිංගික අල්ලස්’ ලබා ගැනීමට උත්සාහ කළ නමුත් තමන් හැකි තරම් ඔවුන් මඟ හැරීමට උත්සාහ කළ බවත් 35 හැවිරිදි ඊෂා පවසා ඇත.

ඇතැම් අවස්ථාවලදී චිත්‍රපටයේ රංගනයට ගොස් සිටිද්දී, තමන් කරුවලට බයයි යැයි පවසමින්, සහායිකාවක ළඟ නවතා ගන්නා බවත් එසේ කළේ තමන්ට එල්ල වුණු අයුතු යෝජනාවලින් බේරීමට යැයි ඇය ‘ Bollywood Bubble සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවේදී පවසා තිබේ. ‘අයුතු යෝජනා එල්ල වීමෙන් පීඩාවට පත් වන්නේ රංගනයට පැමිණෙන අප වගේ නවකයන් පමණයි.

ප්‍රසිද්ධ නළු නිළියන්නේ, නිෂ්පාදකවරුන්ගේ සහ අධ්‍යක්ෂවරුන්ගේ දරු දැරියන්ට ක්ෂේත්‍රයේ කිසිම කෙනෙකුගෙන් අයුතු යෝජනාවක් එල්ල වන්නේ නැහැ.’ යැයි ඊෂා පැහැදිලි කරයි. ඊෂා, 2007 වර්ෂයේ මිස් ඉන්දියා කිරුළ දිනා ගත්තාය. ඇගේ පළසු චිත්‍රපටය වූයේ ‘ජනාත් 2’ ය. මෙය කුනාල් දේෂ්මුඛේෂ්ගේ සිනමා නිර්මාණයක් වන අතර ප්‍රධාන නළුවා වූයේ ඉම්රාන් හෂ්මිය. ‘ජනාත් 2’ තිරගත වූයේ 2012 වසරේදීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
62
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුදල් ලේකම් හෙට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..එක දවසක්වත් තාම මුදල් කමිටුවට ඇවිත් නෑ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි
00:34
Video thumbnail
ආලෝකා කියලා රැවටිලා මිනිස්සු වෙන බල්ලෙක්ට වඳියි.."බුදුන් වහන්සේ නෙවෙයි මේ"
00:56
Video thumbnail
බස් රථයක් ප්‍රපාතයකට පෙරලි පාසල් ළමුන් ඇතුළු 20කට තුවාල - තුවාලකරුවන් වේදනාවෙන් කෑගහයි
01:27
Video thumbnail
හිටපු ජනපති රනිල්ගේ නඩුවට අද ලැබුණු නියෝගය මෙන්න..සැකකරුවන්ට අධිචෝදනා ඉදිරිපත් කිරීමට සූදානම්
02:29