අම්මා නැතිවුණු දවසක මම මහණ වෙනවා. නදීක කරුණානායක කියයි

ප්‍රවෘත්ති නිවේදන අංශයෙන් මුළු රටේම ආදරය දිනාගත් ආදරණිය නිවේදකයා. ඔහු තමයි නදීක කරුණානායක. ඔහු ගැන ලංකාව වගේම මුළු ආසියාවම වගේ දන්නවා. පසුගිය කාලය පුරාවටම මේ දක්ෂ නිවේදකයා ගැන හැමෝම කතාකරන්න පටන් ගත්තා. ඒ ස්වර්ණවාහිනියෙන් ඉවත් වීම සම්බන්ධව. පසුව ඔහුව දැකගන්න ලැබුනේ නැහැ. ඔහුට සිදුවුණා අසාධාරණය ගැන හැමෝම කතාකරන්න පටන් ගත්තා. ඔහු නැති අඩුව මෙරට ප්‍රේක්ෂකයාට තදින්ම දැනුනා.

කවුරු කෙසේ කරත් ප්‍රේක්ෂකයා ඔහුට ආදරය කරා. ඔහු වටා එකතු වුනා. නැවත ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්න කියා ඔහුට ආරාධනා කරා වෙනත් නාලිකාවකින් හෝ කියලා. ඔහු කාලයක් නිවසේම සිටියා. මේ වෙද්දී ලාංකීය ජනතාවට නදීකට ආදරය කරන ප්‍රේක්ෂකයාට සුබ පණිවුඩයක් ලැබී තිබෙනවා. තව නොබෝ දිනකින් අලුත්ම විදියට ඔහු ඔබේ ආලින්දයට එන්න සුදානම් ඒ අලුත්ම නාලිකාවකින් ඒ ත්‍රිවිධ ටීවී හරහා කියලා තමයි නදීක කියා සිටියා. හරින්ද්‍ර ජයලාල් යු ටියුබ් නාලිකාව හා සම්බන්ධ වෙමින්.

නදීක කියන්නේ දක්ෂ ගායකයෙක්. සින්දු වගේම කවි කියන්නත් ඔහු දක්ෂ බව හරින්ද්‍ර ඔප්පු කරලා පෙන්නුවා. නිවේදනයට අමතරව බොහෝ හැකියාවන් ඔහුට තිබෙනවා. කෙතරම් ජනප්‍රිය වුනත් ගම අතහැරලා නගරයට එන්න අකමැති කෙනෙක්. ඔහු තවමත් රැකියාවට යන්නේ එන්නේ ගමේ ඉදලා තමයි. ඒ වගේම දහම්පාසල් ගුරුවරයෙක් විදියටත් උගන්වනවා. ජනප්‍රියත්වය කොතෙක් වුවද ඔහු රටට වැඩ ඇති වටිනා මිනිසෙක්.ඔහු ඉන්නේ කුරුනෑගල පන්නල කිට්ටුව. ගමේ පරිසරයට ආදරය නිසා ඒ දේවල් අතහැරලා යන්න අකමැති බවයි ඔහු කියන්නේ.ඔහු අදටත් කියන්නේ නදීක කරුණානායක කියන නම බ්‍රෑන්ඩ් එකක් වුනේ ස්වර්ණවාහිනී ය හරහා බවයි ඔහු කියන්නේ.හරින්ද්‍ර කියන්නේ නදීක මැතිවරණ ප්‍රතිපල ඉදරිපත් කරන්න ඉන්න හොදම නිවේදකයා නදීක කරුණානායක බවයි.

නදීකගේ පවුලේ ඉන්නේ අයියයි අම්මයි සහෝදරියෝ දෙන්නයි නදිකයි. නදීක තවම තනිකඩ ජිවිතයක් ගෙවන්නේ. නදීකගේ අම්මා කියන්නේනම් විවහය ගැන හිටහ්න්න කිවුවට වැඩක් නැහැ කියලා දවසට දෙතුන් පාරක් කියනවා මෙයා අහන්නේ නැහැ කියලා. නදීක කයන්නේ අම්මා මගේ පන එය තමයි මගේ ජිවිතේ. මගේ ජිවිතේ ආසාවක් තියෙනවා. සරසවි ඇදුරෙක් වෙන්න. ඒ දේ කරනවා. අම්මා නැති දවසක මම මහන වෙනවා. පොඩි කලේ ඉදලා අදහස තිබුනා. අම්මා කැමති නැහැ. එයා නැති කාලේ එයාට පින් ලැබෙන්නෙම මම මහන වෙනවා කියලා තමයි නදීක කරුණානායක කියන්නේ. ඉතින් මුළු රටේම ආදරය දිනු හොරු නිවේදකයා නැවතත් ඔබේ ආලින්දයට පැමිණීමට සුදානම්. අපත් ඔහුට හදවතින්ම සුබ පැතුම් එක්කරනවා

ලංකාදීප සාරවිට

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
147
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මට මේවා වුණේ මගේ ගැහැණුකම නිසා..කොච්චර මඩ ගැහුවත් මගේ කට වහන්න බෑ
05:14
Video thumbnail
රාජාංගනයේ හිමි මත්ද්‍රව්‍ය ගෙනා හිමිවරුන්ට හොඳටම අමතයි..අපිට ජනපතිද අගමැතිද මොකෙක්වත් අදාළ නෑ
06:07
Video thumbnail
ඩයගම - හැටන් බිහිසුණු අනතුරෙන් එක් අයෙකුට දිවි අහිමි වෙයි..පුද්ගල‍යින් 30කට පමණ තුවාල
03:04
Video thumbnail
ඩොලර් වංචාව ගැන තවත් ප්‍රබල හෙළිදරව්වක් මෛත්‍රී හෙළිකරයි..B වාර්තාව පිටට දෙන්න එපා කියලා
07:43
Video thumbnail
මුදල් ලේකම් හෙට මුදල් කමිටුවට එන්නේ නැල්ලු..මොනවද හංඟන්න තියෙන්නේ..ඇයි බය මේ
09:41
Video thumbnail
අනුරට මාධ්‍යයේ විජ්ජාව ගැන හොඳ නිපුණතාවයක් තියෙනවා..බොරු පලස්තර ගහනවා
07:04
Video thumbnail
ශම්මිට අහිමි වුණ සභාපති පුටුව ඉරාන්ට හිමිවෙයි
01:15
Video thumbnail
🔴Breaking News
02:01
Video thumbnail
ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන අතුරු කමිටුවේ සභාපතිවරයා ලෙස ඉරාන් වික්‍රමරත්න පත් කරයි..
04:41
Video thumbnail
ඩොලර් මිලියන 2.5 ගැන විජයදාසගෙන් ප්‍රබල හෙළිදරව්වක් - මුදල් ගිහින් නෑ කියලා මහ බැංකුව දැනගෙන හිටියා
11:57