හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියන් අපවත් වූවාද ? පැතිරෙන කතාවලට දයාන් විතාරණගෙන් පිලිතුරු

අද උදෑසන පටන් මුහුණුපොත ඇතුළු සමාජ මාධ්‍ය ගණනාවකම පැතිරෙන අසත්‍ය කටකතාවක් සාවද්‍ය බව මෙසේ තහවුරු කිරීම වෙනුවෙන් සටහන් තබමි.

අපට සිටි කෘතහස්ත රංගන ශිල්පියෙක් වූ සෝමසිරි අලකොලාංගයන් ඉකුත් කාලයේ දී පූජ්‍යපාද හාරිස්පත්තුවේ සෝමානන්ද හිමියන් නමින් පැවිදි බිමට අවතීර්ණ වූ අතර ඉකුත් කාලයේ කොරෝනා රෝගය ආසාදිත වීම නිසා උන්වහන්සේ අසාධ්‍ය තත්ත්වයට පත්වුවත් මේ වන විට නිසි ප්‍රතිකාර ලබාගැනීම හේතුවෙන් උන්වහන්සේ සුව ලබමින් සිටී. 

නමුත් උදෑසන සිටම උන්වහන්සේ අපවත් වූ බව පැවසෙන දෘෂ්‍යමාන පුවත් විවිධ ලෙස සංසරණය වීම මත මෙසේ ඔබ දැනුවත් කිරීමට සිතුවෙමි. උන්වහන්සේගේ ගිහි කාලයේ, එනම් අප හිතාදර සෝමසිරි අයියාගේ බිරිඳ වන ප්‍රවීණ රංගන ශිල්පිණී රමණි අලකොලාංගයන් අමතමින් මීට සුළු මොහොතකට පෙර මා මෙම පුවතේ සත්‍ය අසත්‍ය භාවය තහවුරු කරගත් අතර ඇය වැඩිදුරටත් පැවසූවේ ඇයත්, Miss Sri Lanka ලෙස කිරුළු පළන් ඉෂාරා අලකොලාංග නම් ඔවුන්ගේ දියණියත් මෙන්ම තවත් බොහෝ දෙනෙක්ගේ මැදිහත්වීම, දායකත්වය මෙන්ම ආශිර්වාදය ද හමුවේ උන්වහන්සේ මේ වන විට බොහෝ සුව අතට පත්ව ඇති බව ය. 

ඉකුත් කාලයේ උන්වහන්සේ මා අමතමින් මගේ නිවසට ද වැඩම කොට දන් පිළිගැනීමටත්, මගෙන් ඡායාරූපයක් ගැනීමටත් මා ඉතාම ගෞර්වයෙන් කළ ඇරයුම ද මහත් උපේක්ෂාවෙන් පිළිගෙන වදාළ නමුදු ඇතිවූ මෙම කොරෝනා ව්‍යසනය හමුවේ උන්වහන්සේට වැඩම කිරීමට නොහැකි වූහ. එනිසාවෙන්ම සමාව අවසරයෙන්, මා උන්වහන්සේ ගිහි කාලයේ ගත් ඡායාරූප කිහිපයක් සමග හෝ මෙම සටහන ඔබ වෙත ගෙන එන්නේ අසත්‍ය තොරතුරු හමුවේ ඔබ වුවද දුකක්, කම්පාවක් ඇති කරගනු ඇතැයි සිතීමෙන් මෙන්ම උන්වහන්සේගේ පවුලේ සාමාජිකයන්ට අත්වන පීඩාව පිළිබඳ ද දැනුවත් කිරීමේ අදහසිනි. තෙරුවන්ගේ අනන්ත වූ ගුණ බෙලෙන් උන්වහන්සේ ඉතා කඩිනමින් ඉක්මන් පූර්ණ සුවයම ලබත්වායි දීර්ඝායුෂ පතන්නෙමි !!!

  1. අපිට මොකෝ මැරුනත් නැතත් / නොමැරෙන්න ආපු උන් නෙමෙ කවුරුත් . දයාන් විතාරනට ලොකු උනාට අපිට ලොකු නැහෙ / මීට වඩා රටට වැඩක් කරපු රට වෙනුවෙන් දිවි දුන් අය ඉන්නවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතරගම කිරිවෙහෙර පුද බිමට විශාල ජනගඟක් ඇදෙයි
00:10
Video thumbnail
අපි මේ කුණකට අත ගහලා තියෙන්නේ - අපි අමුණු කැලෑ අස්සේ රිංගලා ගියා.. ප්‍රශ්නය දැක්කා
06:42
Video thumbnail
හිතාමතා කරන අල්ලස, දූෂණය, වංචාවට කිසිසේත්ම ඉඩකඩ නෑ..ආනන්ද විජේපාලගෙන් සැර කතාවක්
12:36
Video thumbnail
මනමාල ජෝඩුව වෙනුවට රැග් කන්න වුණ දෙමව්පියෝ - අවු:42ම පළවෙනි වතාවට දැක්කේ මෙහෙම
02:30
Video thumbnail
වසර 7කට පමණ පසු නැවත ඇරඹෙන යාපහුව ශ්‍රී දළදා මහ පෙරහර
03:40
Video thumbnail
චමින්ද විජේසිරිගේ පියාගේ අභාවය වෙනුවෙන් ගිය සජිත් සංවේදී වූ අයුරු
01:52
Video thumbnail
"නයි හාමි කරදර නොකර යන්න.."
01:19
Video thumbnail
ජාතිවාදී ආගම්වාදි ගැටුමකට යළි ශ්‍රී ලංකාවේ ඉඩ දෙන්නේ නෑ - දක්ෂතම මානව සම්පත අප සතුව තියෙනවා
06:28
Video thumbnail
පෙරහරට කලින් නුවරට වහින මහ වැස්ස..
00:11
Video thumbnail
ලොවම කම්පා කරමින් නේපාලයට ගලා ආ මහ ගංවතුර
01:42