ලෝකෙටම පේන්න කෑම උයලා ජනප්‍රිය වුණු තරුණියන්ගේ සිහින කුමරා

මේ දිනවල තරුණියන්ගේ හිත ගත්ත සිහින කුමාරයෙක් ගැන සමාජ මාධ්‍ය පුරාම කතාබහට ලක්වෙනවා. හැබැයි මේ නළුවෙක්වත් ගායකයෙක්වත් නෙමෙයි. ඔහු චෙෆ් කෙනෙක්.

ටික් ටොක් එකේ රසට කෑම හදන මේ කඩවසම් තරුණයා මේ වෙද්දි ඉතාමත් ජනප්‍රියයි. ආහාර පිසීමට ඇති මේ අපූරු හැකියාව නිසා ඔහු ගොඩක් දෙනෙක් අතර ප්‍රසිද්ධ වීමෙන් පස්සේ ඔහුගේම නමින් wild cookbook කියලා යුටියුබ් නාලිකාවක් ආරම්භ කරනවා. ඔහු පවසන්නේ කිසිම විටෙක කෑම උයලා ශ්‍රී ලාංකික ජනතාවගෙන් මේ තරම් ඉහල ප්‍රතිචාරයක් ඔහු බලාපොරොත්තු වුණේ නැහැ කියලයි. අපි හිතුවා ඔහු ගැන විස්තර ටිකක් හොයලා බලන්න. හැමෝම දන්න චරිත් කතා බහට එකතු වුණේ මෙන්න මේ විදිහට….

මුලින්ම කියමු චරිත් ගැන විස්තර ටිකක්?
මම චරිත් එන් සිල්වා. වයස අවුරුදු 25යි. මම වෘත්තීය වශයෙන් චෙෆ් කෙනෙක් විදිහට ලංකාවේ ප්‍රසිද්ධ හෝටලයක රැකියාව කරනවා

Tiktok වලට ඇවිල්ලා කෑම උයන්න හිතුණේ ඇයි?
ලංකාවේ ටික් ටොක් වල මම මීට පෙර කුකින්ග් සම්බන්ධ වීඩියෝ දැකලා තිබුණේ නැහැ. ටික් ටොක් කියන්නේ මෑතකදි ඉතා ඉහළ ලෙස ලෝකෙම වර්ධනය උනු සෝශල් මීඩියා platform එකක් නිසාත් මගෙ passion එක කුකින්ග් නිසාත් ඒ පැත්තෙන් දෙයක් කරන්න හිතුණා. එමගින් හොද ප්‍රතිචාර ලැබුනු නිසා මෑතකදි wild cookbook මගෙ youtube චැනල් එකත් ආරම්භ කළා

චරිත්ගේ profession එක කෑම හදන එකද?
ඔව් මම වෘත්තීයෙන් චෙෆ් කෙනෙක්

හිතුවද කෑම හදලා මේ තරම් ජනප්‍රිය වෙයි කියලා?
ඇත්තටම හිතුවෙ නැහැ. ඒක මගෙ ජීවිතයට ලොකු ආශිර්වාදයක්

තරුණියනෙගේ comment බලද්දී මොකද හිතෙන්නේ?
ඇත්තටම ඒ ආදරය ගැන ගොඩක් සතුටුයි. ගොඩක් කමෙන්ට් තිබුණා. ටික්ටොක් වලින් වෙනස් සහ අර්ථවත් දෙයක් කරනවා කියලා ඒ ගැන ගොඩක් ලොකු සතුටක් තියෙනවා.

කමෙන්ට්ස් වල හැටියට නම් චරිත් කියන්නේ දැන් ගොඩක් තරුණියන්ගේ සිහින කුමාරයා ඒ ගැන මොකද හිතෙන්නේ ?
හා හා එහෙමද ගොඩක් සතුටුයි ඒ ගැනනම්.
කොල්ලෙක් උයන්න ඉගෙන ගන්න එක මදිපුංචිකමක් ද ?

කොහෙත්ම නැහැ. වෘත්තීය වශයෙන් විතරක් නෙවෙයි එදිනෙදා ජීවිතේ පවා පිරිමි කෙනෙක්ට කුකින්ග් පුලුවන්නම් ඔහුට ඒක ජීවිතේ වටිනාකමක් එකතු කරනවා.

කෙල්ලො ඔච්චර හීන මවන චරිත්ට පෙම්වතියක් ඉන්නවද?
තවම නැහැ

මේ ලැබුණු ජනප්‍රියත්වය අපතේ යවන්නද කල්පනාව? මොනවද තියෙන ප්ලෑන් ?
කොහෙත්ම නැහැ. ඉදිරියේදී වෙනස්ම ආකාරයෙන් ඉවුම්පිහුම් කලාවේ ලස්සන දේවල් කරන්න ප්ලෑන්ස් කියිපයක් තියෙනවා

චරිත්ට ආදරය කරන තරුණියන්ට මොනවද කියන්න තියෙන්නේ ?
ගොඩක් ස්තූතියි මේ දෙන ආදරයට. දිගටම මාත් සමග රැදී ඉන්න කියලා ඉල්ලනවා පොඩි දෙයක් එකතු කරොත් ස්තී පුරුෂ,වයස් භේදයක් නැතුව සමාජ මාද්‍ය පුරා බොහෝ දෙනා ගොඩක් හොද ප්‍රතිචාර දෙනවා. ඒ ආදරයට මම ගොඩක් ස්තූතිවන්ත වෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
61
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
76 සාපයක් වෙලා නෑ - ජනාධිපතිතුමාම පිළිගත්තා
03:07
Video thumbnail
හෙක්ටර් ආණ්ඩුවට කට උත්තර නැතිවෙන්න දෙසයි - Clean Sri Lanka වැඩසටහන අද ෆේල්
12:42
Video thumbnail
අපිට සහනයක් ලබාදෙන්න දෙයියනේ - රජයට කියලා බැරිම තැන දෙයියන්ට කියන මිනිස්සු
05:08
Video thumbnail
තඹුත්තේගම උණුසුම් තත්ත්වයක්..මාලිමාව බලයට ආවේ අපේ පු# එල්ලිලා - අර්බුදයෙන්මයි ගෙදර යවන්නේ
07:38
Video thumbnail
පුළුවන් නම් ගොවියා ළඟට යන්නකෝ - ඔයාලට පාරේ බැහැලා යන්න බෑ
16:01
Video thumbnail
මුන් ගංජා ඇට පිටින්, ගස් පිටින් ගහලා - බීඩි ගගහා හිටපු එකා අද විස්කි ගහලා අපිට කසිප්පු කාරයෝ කියනවා
03:54
Video thumbnail
ඩෙංගු අධි අවදානම් තත්ත්වයක්ද ?රෝහල්වලටත් දරාගන්න පුළුවන් ප්‍රමාණයක් තියෙනවා..පද්ධතිය කඩා වැටෙයි ?
07:24
Video thumbnail
සලේගේ පාස්වර්ඩ් එක ලබාගත්තා ද..?
03:13
Video thumbnail
ඔයා මට අණ කරන්න ඕනේ නෑ - අර්චුනා, කථානායකගේ හොඳටම අහගනී
01:31
Video thumbnail
ගොවියාට කසිප්පුකාරයා කියන දේශපාලනයෙන් එළියට එන්න
05:23