රන්ජන්ට සතියක නිවාඩුවක් ලැබෙන ලකුණු

යහපත් කල්ක්‍රියාවෙන් සිටින සිරකරුවන්ට සතියක කාලයක් පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කර පැමිණීම සඳහා වන අවස්ථාව වහාම ලබා දීමට තමන් බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (23) වැලිකඩ බන්ධනාගාරයේදී පැවති සාකච්ජාවකින් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.

කෙසේ වෙතත් මෙම අවස්ථාව හිමි වන්නේ, යහපත් කල් ක්‍රියාවෙන් සිටින සහ එය ඔප්පු කර ඇති අයට පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, බන්ධනාගාර පනතට අනුව යහපත් කල්ක්‍රියාවෙන් සිටින අයට නිවාඩුවක් දීම සඳහා ඇමතිවරයාට බලය හිමි බවයි.

”යහපත් කල්ක්‍රියාවෙන් හිටපු අය කාලෙකට පස්සේ නිවාඩු යවන්න පුළුවන් සතියකට තමන්ගේ පවුලේ අයත් එක්ක ගත කරලා එන්න. වහාම ක්‍රියාත්මක වන පරිදි මම ඒක කරන්නට බලාපොරොත්තු වෙනවා. හැබැයි එක කොන්දේසියක් තිබෙනවා. යහපත් කල් ක්‍රියාවෙන් සිටිය යුතුයි. යහපත් කල් ක්‍රියාවෙන් සිටින එක යහපත් කල් ක්‍රියාවෙන් තමන් ඔප්පු කරලා තියෙන්න ඕන. ඒ අයට ඒක කරන්න අපි උත්සහ කරනවා”

තව ද බන්ධානාගාර නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී බන්ධනාගාරයේ කටයුතු වඩා වේගවත්ව, ක්‍රමවත්ව හා පිළිවෙළකට, කිසිදු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය කාරණා පිළිබඳව සාකච්ජා කර උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උඹේ පවුලම උස්සනවා බලාගනින් - අනවසර නිවසක් ඉවත්කරන්න යද්දී ඇති වූ උණුසුම් තත්ත්වය
02:10
Video thumbnail
ඇමතිවරු දැන් පිස්සු කෙ#න්නේ - මාධ්‍යට අත තියන්න එපා
06:17
Video thumbnail
ආලෝකා පෙරටු කරගනිමින් සාම පාගමන ඉස්සරහට යන හැටි
00:47
Video thumbnail
මේ ආණ්ඩුව ගැන තිබුණු විශ්වාසය අද නැතිවුණා
04:00
Video thumbnail
ආණ්ඩුවේ වංචාව ගැන හොයන්න ආණ්ඩුවේ කට්ටියවම පත්කරලා
02:18
Video thumbnail
පන්නපු කන්ටේනර් 323 ගැන ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්න කරන්න ඕනේ
05:28
Video thumbnail
අර්චුනා එළියට දැම්ම පා.ම. වැටුප් ප්‍රශ්නයට නලින්ද පිළිතුරු දෙයි..අපි තරම් ආදර්ශ දීලා නෑ කවුරුත්ම
05:01
Video thumbnail
නාමල් ආණ්ඩුවට රිදෙන්නම දෙයි - රාජපක්ෂලාට බැන බැන තමන්ගේ ගිණුම්වලට සල්ලි දාගන්නවා
07:15
Video thumbnail
මාධ්‍ය නාලිකාවටනම් ලේසි වෙන්නේ නැතිවෙයි ?..ලාල්කාන්තගේ වත්කම් ප්‍රශ්නය කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි
04:25
Video thumbnail
ජාතික වෙසක් දිනය වෙනස් වෙනවද ? නලින්ද සියල්ල හෙළිකරයි
04:16