spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

රන්ජන්ට සතියක නිවාඩුවක් ලැබෙන ලකුණු

යහපත් කල්ක්‍රියාවෙන් සිටින සිරකරුවන්ට සතියක කාලයක් පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කර පැමිණීම සඳහා වන අවස්ථාව වහාම ලබා දීමට තමන් බලාපොරොත්තු වන බව අධිකරණ අමාත්‍ය අලි සබ්රි මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සමග අද (23) වැලිකඩ බන්ධනාගාරයේදී පැවති සාකච්ජාවකින් පසු මාධ්‍යට අදහස් දක්වමිනි.

කෙසේ වෙතත් මෙම අවස්ථාව හිමි වන්නේ, යහපත් කල් ක්‍රියාවෙන් සිටින සහ එය ඔප්පු කර ඇති අයට පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

අමාත්‍යවරයා ප්‍රකාශ කළේ, බන්ධනාගාර පනතට අනුව යහපත් කල්ක්‍රියාවෙන් සිටින අයට නිවාඩුවක් දීම සඳහා ඇමතිවරයාට බලය හිමි බවයි.

”යහපත් කල්ක්‍රියාවෙන් හිටපු අය කාලෙකට පස්සේ නිවාඩු යවන්න පුළුවන් සතියකට තමන්ගේ පවුලේ අයත් එක්ක ගත කරලා එන්න. වහාම ක්‍රියාත්මක වන පරිදි මම ඒක කරන්නට බලාපොරොත්තු වෙනවා. හැබැයි එක කොන්දේසියක් තිබෙනවා. යහපත් කල් ක්‍රියාවෙන් සිටිය යුතුයි. යහපත් කල් ක්‍රියාවෙන් සිටින එක යහපත් කල් ක්‍රියාවෙන් තමන් ඔප්පු කරලා තියෙන්න ඕන. ඒ අයට ඒක කරන්න අපි උත්සහ කරනවා”

තව ද බන්ධානාගාර නිලධාරීන් සමග පැවති සාකච්ඡාවේදී බන්ධනාගාරයේ කටයුතු වඩා වේගවත්ව, ක්‍රමවත්ව හා පිළිවෙළකට, කිසිදු බාධාවකින් තොරව ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය කාරණා පිළිබඳව සාකච්ජා කර උපදෙස් ලබා දුන් බව ද අමාත්‍යවරයා සඳහන් කළේ ය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
11
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?