පාසල් විවෘත කිරීම ගැන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නිවේදනයක්

කොරෝනා රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවෙන් ඉල්ලා අස්වීමේ තීරණය පිළිබඳ ව නැවත සලකා බලන්නැ යි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් ඉල්ලීමක් කරනවා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉවත්වීමේ තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, අද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉවත් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 3,182 දෙනෙකු වාර්තා වූ අතර, ඉන් 09 දෙනෙක් විදේශගත ව සිට පැමිණි පුද්ගලයින්.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ 65,949ක් දක්වා ඉහළ ගියා.

මේ වනවිට රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව යි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් තවදුරටත් එහි දී කියා සිටියේ.

පවතින තත්ත්වය අනුව පාසල් විවෘත කිරීමේ සූදානමක් නැති බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහි දී සඳහන් කළා.

මේ අතර, මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ දී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 320,283ක්.

ඒ අනුව පළමු මාත්‍රාව වශයෙන් එන්නත් මාත්‍රා 93,174ක් සහ දෙවැනි මාත්‍රාව වශයෙන් එන්නත් මාත්‍රා 227,109ක් ලබා දී තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්වල අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන තරුණ තරුණියන්ට සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාදීම අදත් ක්‍රියාත්මක යි.

ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ විහාරමහා දේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේ දී එන්නත් ලබාදීම සිදුවෙනවා

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අහිංසක රොටි කඩේටත් බදු ගහලා - දිලිත් සැරවෙයි
03:52
Video thumbnail
යතුරුපැදියක් ගසක ගැටී ගුරුවරයෙකු අවසන් ගමන් යයි
01:03
Video thumbnail
දිට්වා ප්‍රතිලාභ නොලැබුණා කියලා පිරිසක් රාජාංගනය ප්‍රා.ලේකම් කාර්යාලය වටලයි
16:10
Video thumbnail
ආදරණීයයන්ගේ සෝ සුසුම් රැගෙන මැද කැන්ඩි ළමිස්සි අවසන් ගමන ගිය හැටි
02:53
Video thumbnail
කැන්ඩි ළමිස්සිට ගීයකින් උපහාර කළ මිතුරන්
09:16
Video thumbnail
පුංචි දරුවොත් බෝඩ් උස්සගෙන පාරට බැහැලා විරෝධතාවයක
09:59
Video thumbnail
නාමල් පාතාලයට සම්බන්ධයි කියලා මාලිමාවෙන් බොරු ප්‍රචාරයක් කරනවා
09:06
Video thumbnail
කට උත්තරයක් දෙන්න ආ මුජිබුර් ආණ්ඩුව සැරටම අමතයි
08:01
Video thumbnail
ක්‍රීඩාපිටියක් වැනසූ බස් පි#සෝ - පේනවද කරන විනාශය
01:48
Video thumbnail
රනිල් වික්‍රමසිංහත් මරියසෙල් ගුණතිලකට අවසන් ගෞරව දක්වයි
01:58