පාසල් විවෘත කිරීම ගැන නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් නිවේදනයක්

කොරෝනා රෝග මර්දනය පිළිබඳ සායනික කමිටුවෙන් ඉල්ලා අස්වීමේ තීරණය පිළිබඳ ව නැවත සලකා බලන්නැ යි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගෙන් ඉල්ලීමක් කරනවා.

අද කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව කියා සිටියේ, විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉවත්වීමේ තීරණය සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.

මේ අතර, අද අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ද මාධ්‍යවේදීන් විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම ඉවත් වීම සම්බන්ධයෙන් ප්‍රශ්න කරනු ලැබුවා.

ගෙවුණු දිනයේ කොරෝනා ආසාදිතයින් 3,182 දෙනෙකු වාර්තා වූ අතර, ඉන් 09 දෙනෙක් විදේශගත ව සිට පැමිණි පුද්ගලයින්.

ඒ සමඟ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව හාරලක්ෂ 65,949ක් දක්වා ඉහළ ගියා.

මේ වනවිට රෝගීන් වාර්තා වීමේ යම් අඩුවක් දක්නට ලැබෙන බව යි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් තවදුරටත් එහි දී කියා සිටියේ.

පවතින තත්ත්වය අනුව පාසල් විවෘත කිරීමේ සූදානමක් නැති බව ද නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙහි දී සඳහන් කළා.

මේ අතර, මෙරට කොරෝනා මර්දන එන්නත්කරණ වැඩසටහන යටතේ ගෙවුණු දිනයේ දී පළමු සහ දෙවැනි මාත්‍රා වශයෙන් ලබා දුන් එන්නත් මාත්‍රා ප්‍රමාණය 320,283ක්.

ඒ අනුව පළමු මාත්‍රාව වශයෙන් එන්නත් මාත්‍රා 93,174ක් සහ දෙවැනි මාත්‍රාව වශයෙන් එන්නත් මාත්‍රා 227,109ක් ලබා දී තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර සහ ගාල්ල යන දිස්ත්‍රික්වල අවුරුදු 20ත් 30ත් අතර වයස්වල පසුවන තරුණ තරුණියන්ට සයිනොෆාම් පළමු මාත්‍රාව ලබාදීම අදත් ක්‍රියාත්මක යි.

ඒ යටතේ කොළඹ දිස්ත්‍රික්කය තුළ විහාරමහා දේවි උද්‍යානය, දියත උයන, පනාගොඩ යුද හමුදා කඳවුර සහ වේරහැර යුද හමුදා වෛද්‍ය බලකා මූලස්ථානයේ දී එන්නත් ලබාදීම සිදුවෙනවා



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සමන්තභද්‍ර හිමිගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - ආණ්ඩුව අනවශ්‍ය ප්‍රශ්නයක් පටලගත්තේ..උද්දච්චයිනේ
06:04
Video thumbnail
මේ පනත් දෙක මර්දනකාරි ගමනේ නිවුන් සහෝදරයෝ වගේ - මහේස්ත්‍රාත්ගේ බලයත් යටපත් කරන්න පුළුවන් ?
13:21
Video thumbnail
කතරගම දේවාලයට අයත් ඉඩමකදී තරුණයෙක් වෙ# තබා ඝා#නය කරලා - එහි පරික්ෂණ සිදුකරන අයුරු
01:18
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු සත්‍යග්‍රහයේ නවතම දර්ශන - සම්බුද්ධ පූජාව පූජා කරයි
03:08
Video thumbnail
නාමල් සුවඳ අරගෙන ගමින් ගමට එනවා - පාපිසි කුණු බක්කියට දාන කාලය හරි..අපි ආණ්ඩුව එක්ක හැප්පෙනවා
06:55
Video thumbnail
තලල්ල වෙරළෙන් සොයාගත් මලුවල අයිස් තිබෙන බවට සැකයක් - වෙරළට දැඩි ආරක්ෂාවක් දමා ඇති අයුරු
01:41
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි..බෙංගාල බොක්කේ සුළි කුණාටු තත්ත්වයක් ?
06:11
Video thumbnail
රට ආරක්ෂා කරනවා කියලා ඇවිත් බෞද්ධ ආගමට ග#නවා - අපිට නඩු දැම්මට අපි බය වෙන්නේ නෑ
04:52
Video thumbnail
මුළු කළුතරම සලිත කරමින් වෙරළ තීරයෙන් හමුවූ නාඳුනන නිසල සිරුර
00:37
Video thumbnail
අනුරාධපුර පූජා නගරයට වෙන්න යන දේ මෙන්න..ප්‍රබල හෙළිදරව්වක් - රුවන්වැලිසෑය නිකම් ස්මාරකයක් කරලා
07:19