AFC Banner
Empty Ad
Empty Ad

ඉදිරි සති දෙක ඉතාමත්ම තීරණාත්මකයි

ඩෙල්ටා කොවිඩ් විකෘති ප්‍රභේදයන් බිහි වෙමින් පවතින නිසා ඒ සඳහා සූදානම් විය යුතු බව ඖෂධ නිෂ්පාදන සැපයීම් හා නියාමනය පිළිබඳ රාජ්‍ය ඇමැති මහාචාර්ය චන්න ජයසුමන පැවසීය.


ශ්‍රී ලංකාවේ තත්ත්වය මේ වෙනකොට දරුණුයි. ඒක හංගන්න දෙයක් නැහැ. ඉදිරි සති දෙක ඉතාමත්ම තීරණාත්මකයි. රෝගීන් වැඩි ප්‍රමාණයක් වාර්තා වෙන්න පුළුවන් කාල සීමාවක් තමයි ඉදිරියේ දී එන්නේ.ඒ නිසා අත්‍යවශ්‍යම කටයුතුවලට හැර තමන්ගේ නිවෙස්වලින් එළියට යන්න එපා. එහෙම ගිහින් නිරාවරණය වුණාම වයිරසය හැදෙන්න පුළුවන් කියන එක හිතේ තබාගෙනම එළියට යන්න ඕනේ. ලෝකය පුරා සීග්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින ඩෙල්ටා ප්‍රභේදය මේ වන විට අපේ රටෙත් සීඝ්‍රයෙන් පැතිරෙමින් යනවා.


විශාල ප්‍රමාණයක් දිනකට ජීවිතක්ෂයට පත්වෙනවා රෝගී වෙනවා. මේ වයිරසය ඉතාමත්ම දරුණු එකක්. එය ලෙහෙසියෙන් ඇඟේ ඇලෙන්න පෙනහලු‍වලට හානි කරන්න, සිරුරට හානි කරන්න තියෙන ප්‍රවණතාවය වැඩියි.” යැයි ඇමැතිවරයා පැවැසුවේය.
වරුණි පෙරමුණ, බුද්ධික මහේෂ් – අනුරාධපුර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?