මාවනැල්ල පොලිස් වසමේ පහළ කඩුගන්නාව ප්රදේශයේ සිදුවූ රිය අනතුරකින් පොලිස් නිලධාරියෙක් මියගොස් තිබෙනවා.
අද (28) උදෑසන සිදුවූ මෙම අනතුරින් මියගොස් ඇත්තේ, කෑගල්ල කොට්ඨාශ දූෂණ මර්දන ඒකකයට අනුයුක්තව රාජකාරි කරමින් සිටි පොලිස් නිලධාරියෙක්.
අදාළ පොලිස් නිලධාරියා රාජකාරී අවසන්ව යළි නිවස බලා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි වාර්තා වුණේ.
ඔහු ගමන් කරමින් තිබූ යතුරුපැදිය පාලනයෙන් ගිලිහී මාර්ගය අසල ඇති කාණුවකට වැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව දැනට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බවයි මාවනැල්ල පොලිසිය සඳහන් කළේ.
ස්ථානීය පරීක්ෂණය සඳහා මාවනැල්ල මහේස්ත්රාත්වරයා අනතුර සිදුවූ ස්ථානය පැමිණීමට නියමිත බවයි මාවනැල්ල පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.
