Rajapura Handi Oil
Rajapura Diabetic Powder

යතුරුපැදියක ලොරි රථයක් ගැටී අවුරුද්දක දැරියක් ජීවිතක්ෂයට

ඇඹිලිපිටිය පොලිස් වසමේ ඇඹිලිපිටිය – නෝනාගම මාර්ගයේ කිරලවැල්කටුව ප්‍රදේශයේ දී නෝනාගම දෙසට ධාවනය වූ ලොරි රථයක් එම දිශාවටම ඉදිරියෙන් නවතා තිබූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

ඊයේ (26) පස්වරුවේ සිදු වූ මෙම අනතුරින් යතුරුපැදිකරු, පසුපැදිකාරිය සහ කුඩා දැරියක් තුවාල ලබා ඇඹිලිපිටිය රෝහලට ඇතුලත්කර ඇත බවයි වාර්තා වුණේ.

එලෙස රෝහල් ගතව ලබමින් සිටිය දී කුඩා දැරිය මියගොස් ඇති බව පොලිසිය සඳහන් කරනවා.

මියගිය දැරිය වයස අවුරුදු 01 මාස 05ක වූ ගලෙන්බිදුනුවැව ප්‍රදේශයේ පදිංචිව සිටින යතුරුපැදිකරු සහ පසුපැදිකාරියගේ දියණිය බවයි වාර්තා වුණේ.

සිද්ධියට සම්බන්ධ ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇඹිලිපිටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.