Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දුම්රිය අනතුරෙන් හමුදා සෙබළියගේ දිවි බේරා දුන් පුද්ගලයා යුද හමුදාධිපතිගේ ඇගයීමට

පසුගිය 18 වැනිදා හෝමාගම, ගොඩගම ප්‍රදේශයේදී දුම්රිය මාර්ගය ආසන්නයෙන් ගමන් කරමින් සිටියදී දුම්රිය ගැටී යුද හමුදාවේ තරුණ කාන්තා සෙබළියක් බරපතල තුවලා ලැබුවා.

එහිදී ඒ අසළ සිටි තරුණයෙක් මැදිහත් වී එම තරුණිය දුම්රියට යටවී සිටියදී ඉන් මුදාගෙන රෝහාල් ගත කිරීමට කටයුතු කළා.

ඒ අනුව, සිය ජීවිත අවදානම ද නොතකා වීරෝදාර ලෙස ක්‍රියා කළ චින්තක ගමගේ නම් එම තරුණයා ඊයේ (25) දිනයේ දී යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් නිලන්ත ප්‍රේමරත්න විසින් ඇගයීමට ලක් කරනු ලැබුවා.

ඒ අදාළ තරුණයාව යුද හමුදා මූලස්ථානයේදී හමුවූ අවස්ථාවේ දී යි.

අදාළ අනතුර සිදුවූ අවස්ථාවේදී දුම්රියට යටවී සිටි තුවාල ලැබූ කාන්තා සෙබළියගේ දිවි බේරාගැනීම සඳහා දුම්රිය යටින් රිංගා ගොස් සිය ජීවිතය ද දැඩි අවදානමකට ලක් කරමින් ඇය ආරක්ෂිතව ඉන් මුදාගැනීමට මොහු කටයුතු කර තිබූ අතර, තුවාල ලැබූ සෙබළියට කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සහතික කිරීම සඳහා ඇය රෝහල්ගත කරන තෙක්ම ඇය සමඟ රැඳී සිටීමට ද කටයුතු කර තිබෙනවා.