යතුරුපැදි සොරකම් රැසකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු හා සොරකම් කරන ලද යතුරුපැදි කොටස් සන්තකයේ තබා ගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට – අතුරුගිරිය පොලිස් ස්ථානය.
අතුරුගිරිය පොලිසිය මගින් පසුගිය 21 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 800ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ගෙන වැඩිදුර විමර්ශන සිදුකරනු ලැබුවා.
ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් සිදුකල විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත ඊයේ (25) දින සවස අතුරුගිරිය පොලිස් වසමේ පැලෑන්වල ප්‍රදේශයේදී හංවැල්ල, පාදුක්ක, කොට්ටාව හා මීගහවත්ත පොලිස් ස්ථාන වෙත වාර්තා වී තිබු යතුරුපැදි සොරකම් හතරකට අවශ්‍ය කර සිටි සැකකරුවන් දෙදෙනෙකු හා යතුරුපැදි කොටස්කර ලඟ තබාගෙන සිටි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරුවන් අවුරුදු 19 ත් 39ත් අතර වයස්වල පසුවන හෝකන්දර හා අතුරුගිරිය ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පවසන්නේ.
සොරකම් කරන ලද යතුරුපැදි වල කොටස් පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර අතුරුගිරිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
