Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නාමල්ගේ ප්‍රතිශෝධන පෙත්සම සම්බන්ධ නියෝගය ලබන 14 වැනදා

ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් කර සිටින තමනගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත්දා දුන් නියෝගය ප්‍රතිශෝධනය කර තමන්ව ඇප මත මුදාහරින ලෙස ඉල්ලා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ විසින් ඉදිරිපත් කළ පෙත්සමක් විභාගයට ගැනීම සඳහා නොතිසි නිකුත් කරනවාද? නැද්ද? යන නියෝගය දෙසැම්බර් මස 14 වනදා ප්‍රකාශයට පත් කරන බව කොළඹ මහාධිකරණය නිවේදනය කළා.

නාමල් රාජපක්ෂ සිය නීතිඥවරු මාර්ගයෙන් ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.