Rajapura Handi Oil
Rajapura Diabetic Powder

2035 කාන්තා පාපන්දු ලෝක කුසලානයේ සත්කාරකත්වය එක්සත් රාජධානියට

2035 කාන්තා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ සම සත්කාරකත්වය එංගලන්තය, උතුරු අයර්ලන්තය, ස්කොට්ලන්තය සහ වේල්සය යන රටවල් හතරට හිමිවන බව ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.

1966 පිරිමි ලෝක කුසලාන තරගාවලියෙන් පසු එක්සත් රාජධානිය තුළ පාපන්දු ලෝක කුසලාන තරගාවලියක් පැවැත්වෙන පළමු අවස්ථාව මෙය බව සඳහන්.

සූරිච්හි පිහිටි ෆීෆා මූලස්ථානයේ සිට මාර්ගගතව (Virtual) පැවැත්වූ විශේෂ රැස්වීමකදී, මෙම තරගාවලිය සඳහා ඉදිරිපත් වූ එකම ලංසුකරුවන් වූ මෙම රටවල් හතර සම සත්කාරකයින් ලෙස අනුමත කෙරුණා.

දින 39ක් පුරා පැවැත්වෙන මෙම තරගාවලියට කණ්ඩායම් 48ක් සහභාගී වන අතර, තරග 104කින් එය සමන්විතයි.

මේ අතර, පසුගියදා පැවති FIFA සම්මේලනයේ විශේෂ රැස්වීමේදී 2031 කාන්තා ලෝක කුසලාන අවසන් මහා තරගාවලියේ සත්කාරකත්වය සඳහා මෙක්සිකෝව, අමෙරිකා එක්සත් ජනපදය, කොස්ටාරිකාව සහ ජැමෙයිකාව ඉදිරිපත් කළ ඒකාබද්ධ ලංසුවට ද අනුමැතිය හිමි වී තිබෙනවා.