සිම්බාබ්වේහි වෙසෙන ලොව ප්‍රකට ක්‍රිස්තියානි දේශකයෙකු වන ඌබර්ට් ඒන්ජල්’ ( Ubert Angel), අශෝභන ලිංගික ක්‍රියාකාරම් හා පහරදීම් චෝදනාව යටතේ අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තාවෙනවා.
අශෝභන ලෙස ලිංගික අතවර කිරීම සහ අක්‍රමවත් සංසර්ගයේ යෙදීම යන චෝදනා මත, සිම්බාබ්වේ දේශකවරයෙකු සහ ජනාධිපති නියෝජිතයෙකු වන යූබර්ට් ඒන්ජල් (Uebert Angel) අත්අඩංගුවට පත්වී ඇති අතර, මෙම සිදුවීම හේතුවෙන් එරට මෙන්ම ජාත්‍යන්තරව ද උණුසුම් දේශපාලන කතිකාවක් මතුකර තිබෙනවා.
මෑතකදී උප ජනාධිපති කොන්ස්ටන්ටිනෝ චිවෙන්ගා (Constantino Chiwenga) වෙනුවෙන් යූබර්ට් ඒන්ජල් ප්‍රසිද්ධියේ පෙනී සිටීමෙන් අනතුරුව මෙම සිදුවීම වාර්තා වෙනවා.
ජනාධිපති එමර්සන් ම්නන්ගාග්වාගේ (Emmerson Mnangagwa) හිතවාදීන් විසින් චිවෙන්ගා වෙත එල්ල කරන ලද ප්රහාරයන්, යූබර්ට් ඒන්ජල් විසින් විවේචනයට ලක් කර තිබුණා. ජනාධිපතිවරයාගේ ධුර කාලය සහ රටේ බලය හුවමාරු වීම සම්බන්ධ දේශපාලන වාතාවරණය දැඩි මතභේදයට තුඩු දී ඇති පසුබිමක මෙම විවේචන එල්ල වුණා.
මෙම අත්අඩංගුවට ගැනීම අපරාධ චෝදනා මත සිදු වූවක් බව බලධාරීන් පවසන නමුත්, එය සිදු වූ කාල වකවානුව ZANU-PF පක්ෂය තුළ පවතින පුළුල් දේශපාලන ආතතීන් වෙත අවධානය යොමු කරවනවා.
‘ගුඩ් නිව්ස් චර්ච්’ (GoodNews Church) ලෙසද හැඳින්වෙන ‘ස්පිරිට් එම්බසි’ (Spirit Embassy) හි නිර්මාතෘවරයා වන යුබර්ට් ඒන්ජල්, 2026 නොවැම්බර් 22 වන ඉරිදා අත්අඩංගුවට ගත් බව සිම්බාබ්වේ ජනරජ පොලිසිය (ZRP) තහවුරු කළා.
දේශීය මාධ්‍ය වාර්තා කරන පරිදි, හරාරේ හිපොඩ්රෝම් (Harare Hippodrome) හි පැවති ඉරිදා දේව මෙහෙයක් අතරතුර ඒන්ජල් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එහිදී සන්නද්ධ පිරිසක් දේවස්ථානයට කඩා වැදී, දේව මෙහෙයට සහභාගී වෙමින් සිටි පිරිස ඉදිරිපිටදීම ඔහුව අත්අඩංගුවට ගෙන අත් වැල් දමා ඇතැයි වාර්තාවෙනවා.
සිම්බාබ්වේ ප්රකාශනයක් වන ‘සිම්ලයිව්’ (ZimLive) වෙත අදහස් දැක්වූ සිවිල් වැසියෙකු ප්‍රකාශ කළේ, සන්නද්ධ පුද්ගලයින් 10 දෙනෙකු පමණ දේවස්ථානයට ඇතුළු වී දේශකවරයාව රැගෙන ගිය බවයි.
ආගමික නායකයෙකු මෙන්ම රජය විසින් පත් කරන ලද රාජ්‍ය තාන්ත්‍රික නියෝජිතයෙකු ලෙසද කටයුතු කරන යූබර්ට් ඒන්ජල් ප්රමුඛ චරිතයක් වන බැවින්, මෙම මෙහෙයුම සිදු වූ ආකාරය පිළිබඳව දැඩි අවධානයක් යොමු වී තිබෙනවා.
උපතේදී යූබර්ට් මුඩ්සානිරේ (Uebert Mudzanire) යන නම දැරූ ඒන්ජල්ව, 2021 මාර්තු මාසයේදී ජනාධිපති එමර්සන් ම්නන්ගාග්වා විසින් ජනාධිපති නියෝජිතයෙකු ලෙසත්, යුරෝපය සහ ඇමරිකානු කලාපය සඳහා තානාපතිවරයෙකු ලෙසත් පත් කරනු ලැබුවා.
ඔහු ‘ස්පිරිට් එම්බසි’ (Spirit Embassy) නම් ජාත්‍යන්තර ආගමික සංවිධානයේ (church ministry) ප්‍රධානියා ලෙස කටයුතු කරන අතර, එය රටවල් කිහිපයක ක්‍රියාත්මක වෙනවා.
2023 වසරේදී ‘අල් ජසීරා’ (Al Jazeera) මාධ්‍ය ජාලය විසින් සිදු කරන ලද රහසිගත විමර්ශනයකින් අනතුරුව, ඔහු දරන රාජ්‍ය තාන්ත්‍රික තනතුර ජාත්‍යන්තර අවධානයට ලක් වුණා. එම විමර්ශනය මගින් ඔහු රන් ජාවාරම් සහ මුදල් විශුද්ධිකරණ ක්‍රියාවලීන්ට සම්බන්ධ බවට චෝදනා එල්ලවුණා. කෙසේ වෙතත්, ඒන්ජල් (Angel) මෙම චෝදනා ප්‍රතික්ෂේප කළා.
මෙම නවතම චෝදනා, පැමිණිලිකරුවන් හෝ අදාළ සිදුවීම්වලට අදාළ තොරතුරු පිළිබඳව පොලිසිය විසින් මෙතෙක් කිසිදු විස්තරයක් ලබා දී නොමැත. ඔහු අධිකරණය හමුවට ඉදිරිපත් කරනු ලබන්නේ කවදාද යන්න පිළිබඳව ද තවමත් පැහැදිලි තවමත් නිවේදනය කර නොමැත.










