Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අයවැය දෙවන වර කියවීම වැඩි ඡන්දයෙන් සම්මත වෙයි

2027 අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම අද (20) පස්වරුවේ පාර්ලිමේන්තුව් දී පැවැත් වුණා.

මෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 157ක් හිමි වූ අතර විපක්ෂව හිමි වූ ඡන්ද ගණන 60ක්.

ඒ, අනුව වැඩි ඡන්ද 97කින් 2027 අයවැය දෙවන වර කියවීම අද (20) දිනයේ පාර්ලිමේන්තුවේ දී සම්මත වුණා.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පසුගිය 12 වනදා අයවැය කතාව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළා.

අනතුරුව නොවැම්බර් 13 දින සිට අද (20) දිනය දක්වා දින හතක කාලයක් අයවැය දෙවන වර කියවීමේ විවාදය පවත්වනු ලැබුවා.

මේ අතර අයවැය තෙවන වර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය හෙට (21) සිට ලබන දෙසැම්බර් මස 14 වනදා දක්වා පැවැත් වෙනවා.

තෙවන වර කියවීමේ ඡන්ද විමසීම දෙසැම්බර් 14 වනදා පස්වරු 6.00ට පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.