යාපනය ප්‍රදේශයේ වායු දූෂණය අවම කිරීමට ගතහැකි සියලුම පියවර ගන්නා බවත් යාපනය නගර සභාව විසින් කැලි කසල, අපද්‍රව්‍ය එකතු කරන අකාරය, බැහැර කිරිම් ඇතුළු සියලුම කාර්යයන් සම්බන්ධයෙන් සවිස්තරාත්මක පූර්ණ වාර්තාවක් අභියාචනාධිකරණය ඉදිරිපත් කරන බව අද (20) යාපනය මහ නගර සභාව අභියාචනාධිකරණයට පොරොන්දු වුණා.
යාපනය ප්‍රදේශයේ වෛද්‍යවරියක වූ උමා සුඛී නඩරාජා මෙනෙවිය විසින් ගොනුකොර තිබූ පෙතසමක් විභාගයට ගත් අවස්ථාවේදී මෙම පොරොන්දුව ලබා දුන්නා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේය මෙම පෙත්සම කැඳවනු ලැබුවා.
ඉන්අනතුරුව පරිසර අමාත්‍යාංශය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුරි ඉසෙන් කරුණු දක්වමින් සඳහන් කළේ, නගර සභා වැනි ආයතන 2017 (1) දරන ජාතික පාරිසරික පනත යටතේ නිකුත් කර ඇති ගැසට් පත්‍රය අනුව විවෘත කැලි කසල දහනයන් දඬුවම් ලැබිය හැකි වරදක් බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරන බවයි.
ඒ අනුව නඩුව තවදුරටත් විවාද අවස්ථාවේම රඳවා ගනිමින් ඉදිරි දිනයේ දී කැඳවිමට අභියාචනාධිකරණ නියෝග කළා.
ඒ අනුව 2027 පෙබරවාරි 03 වැනිදා කැඳවිමට නියෝග කරනු ලැබුවා.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ ආචාර්ය රවින්ද්‍රනාත් දාබරේ, සවන්ති පොන්නම්පෙරුම, උවිඳි දිසානායක යන නීතිඥ මඩුල්ලක් පෙනී සිටි අතර, පරිසර අමාත්‍යාංශය සහ මධ්‍යම පරිසර අධිකාරිය වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් සුරි ඉසෙන් මහත්මියද පෙනී සිටියා.
යාපනය නගර සභාව වෙනුවෙන් නීතිඥ කේ.වී.එස්. ගනේෂරාජන් පෙනී සිටියා.
යාපනය ප්‍රදේශයේ කැලිකසල සහ පරිසරයට මුදාහැරෙන රසායනික අපද්‍රව්‍ය නිසා වායු දූෂණය සිදුවන බවත්, මෙම තත්ත්වය වැළැක්වීමට වගඋත්තරකරුවන්ට නියෝග කරන ලෙසත් ඉල්ලා අදාළ වෛද්‍යවරිය විසින් මෙම පෙත්සම ගොනු කර තිබෙනවා.










