අවශ්‍ය කරන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය මහජන සහාය පතනවා.
පසුගිය ඔක්තෝම්බර් මස 01 වනදා අහුංගල්ල පොලිස් වසමේ වැලිකන්ද ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙක් ඝාතනය කිරීම සම්බන්ධයෙන් අවශ්‍යවකර සිටින මෙම සැකකරු මේ වන විට පොලිසිය මඟ හරිමින් ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවයි පොලිසිය පවසන්නේ.
ලියනගේ දිනේෂ් සුරංග නැමැති 38 හැවිරිදි වියේ පසුවන මෙම සැකකරු අංක 567/සී/1, වැලිකන්ද, අහුංගල්ල ලිපිනයේ පදිංචි අයෙක් බවයි වැඩිදුරටත් පොලිසිය සඳහන් කළේ.
මෙම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් 071-8591485 (ස්ථානාධිපති අහුංගල්ල) හෝ 091-2264026 (පොලිස් ස්ථානය අහුංගල්ල) යා දුරකථන අංක වෙත දැනුම් දෙන ලෙස පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සැකකරුගේ ඡායාරූපය..











