Rajapura Handi Oil
Rajapura Diabetic Powder

තහනම් ධීවර දැල් 274ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා නාවික හමුදාව, පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව යාපනය නගරයේ 2026 නොවැම්බර් මස 19 වැනි දින සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී, අලෙවි කිරීමට සුදානම් කර තිබූ තහනම් ධීවර දැල් 274ක් සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

උතුරු නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා කංචදේව ආයතනය වෙත ලද විශ්වසනීය තොරතුරකට අනුව, යාපනය පොලිස් විශේෂ කාර්යය බලකාය හා එක්ව යාපනය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ සිදුකළ මෙම විශේෂ සෝදිසි මෙහෙයුමේදී ප්‍රදේශයේ වෙළඳසැලක් පරික්‍ෂාවට ලක්කර ඇති අතර,එහිදී, නීති විරෝධී ලෙස අලෙවි කිරීමට සූදානම් කර තිබූ මෙම තහනම් ධීවර දැල් තොගය සොයා ගනීමට හැකිව තිබෙනවා.

ඒ සමඟ වයස අවුරුදු 48ක් වන යාපනය ප්‍රදේශයෙහි පදිංචි සැකකරුවෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි නාවික හමුවද පවසන්නේ.

තවද, අත්අඩංගුවට ගත් එම සැකකරු සහ තහනම් ධීවර දැල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදී තිබුණා.