එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පැවැත්වෙන වාර්ෂික ලෝක පොලිස් සමුළුවට සහභාගි වී සිටින පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඩුබායිහි පොලිස් සහ මහජන ආරක්ෂක නියෝජ්‍ය ප්‍රධානී, එක්සත් අරාබි එමීර් රාජ්‍යය ෆෙඩරල් පොලිස් කවුන්සලයේ ප්‍රධානී, සම සමාජික ලුතිනන් ජෙනරාල් Dhahi Khalfan Tamim ඇතුළු එරට ජ්‍යෙෂ්ඨ ආරක්ෂක නිලධාරීන් හමුවී සාකච්ඡා පවත්වා තිබෙනවා.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ මත්ද්‍රව්‍ය හා අපරාධ පිළිබඳ එක්සත් ජාතීන්ගේ කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරිනියක් වන Siri Bijune මහත්මිය මෙන්ම ඩුබායි පොලිසියේ ජාත්‍යන්තර සහයෝගිතා අංශයේ අධ්‍යක්ෂකවරයා සමඟ ද පොලිස්පතිවරයා විසින් සාකාච්ඡා පවත්වා ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සැඟව සිටින මෙරට සංවිධානාත්මක අපරාධ සිදු කළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒමට මෙන්ම ඔවුන්ව එරටින් පිටුවහල් කිරීමට කඩිනමින් ක්‍රියා කරමින් එම රාජ්‍යය විසින් දක්වන රාජතාන්ත්‍රික සහයෝගය පිළිබඳව පොලිස්පතිතුමන් එහිදී එම නිලධාරීන් වෙත සිය ගෞරව පූර්වක ස්තූතිය පුදකර තිබෙනවා.
පසුගිය 15 වැනිදා සිට හෙට (19) දිනය දක්වා මෙම සමුළුව පැවැත්වෙනවා.
පොලිස්පතිතුමන් සමඟ ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංග කරවිට ද එම අවස්ථාවන් සඳහා සහභාගි වී තිබුණා.
.










