Rajapura Handi Oil
Rajapura Diabetic Powder

නාමල්ට ලැබුණු ඇප නියෝගයට අතුරු තහනම් නියෝගයක්

ක්‍රිෂ් ගනුදෙනු සම්බන්ධයෙන් රිමාන්ඞ් භාරයට පත්කර සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂව ඇප මත මුදා හරින ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ නියෝගය අත්හිටුවමින් කොළඹ මහාධිකරණය විසින් අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් බණ්ඩාර රණසිංහ මහතා විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය දුන් නියෝගය නීතියට පටහැණි බවත් එය ප්‍රතිශෝධනය කරන ලෙසත් ඉල්ලා අල්ලස් කොමිසම විසින් කොළඹ මහාධිකරණය වෙත මෙම ප්‍රතිශෝධන පෙත්සම ඉදිරිපත් කර තිබුණා.