Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දිවයින පුරා වායු ගුණාත්මකභාවය පහළට – මුඛ ආවරණ පැළඳීමට සෞඛ්‍ය උපදෙස්

දිවයින පුරා ප්‍රදේශ කිහිපයක වායුගෝලයේ ගුණාත්මකභාවය බව පහළ ගොස් ඇති බව මධ්‍යම පරිසර අධිකාරිය පවසනවා.

උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ බස්නාහිර පළාත්වල වායු ගුණාත්මක දර්ශක අගය 100- 150ත් අතර අගයක් ගන්න බවයි, මධ්‍යම පරිසර අධිකාරියේ පරිසර අධ්‍යාපන හා දැනුවත් කිරීම් අධ්‍යක්ෂක, ආචාර්ය අජිත් ගුණවර්ධන පවසනවා.

වායු ගුණාත්මක දර්ශක අගය 101ත් 150ත් අතර වේ නම්, සුළු වශයෙන් අහිතකර මට්ටමේ පවතින බවත්, 151ත් 200ත් අතර අගයන් සෞඛ්‍යයට අහිතකර මට්ටමටත් අයත් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

කෙසේ වෙතත් වායු දූෂණ මට්ටම ඉහළ ප්‍රදේශවල ජනතාවට සෞඛ්‍ය පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසයි, මධ්‍යම පරිසර අධිකාරිය පෙන්වා දෙන්නේ.

එමෙන්ම ඇතිවිය හැකි සෞඛ්‍ය අහිතකර තත්ත්වයන් මඟ හරවා ගැනීම සඳහා KN – 95 වර්ගයේ මුඛ ආවරණ පැළඳීමද සුදුසු බව සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් නිර්දේශ කර තිබෙනවා.