Rajapura Handi Oil
Rajapura Diabetic Powder

පැතුම් සහ වනිඳු ඇතුළු මෙරට ප්‍රබලයින් 06කට IPL කණ්ඩායම්වල දොරටු වැසේ

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසියට පෙර ගියවර එම IPL කණ්ඩායම් නියෝජනය කළ ශ්‍රී ලංකා ක්‍රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබෙනවා.

ඒ අනුව, දිල්ලි කැපිටල් කණ්ඩායමෙන් දුෂ්මන්ත චමීර සහ පැතුම් නිස්සංක ද, සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමෙන් දිල්ෂාන් මධුශංක සහ කමිඳු මෙන්ඩිස්ව වෙන්දේසිය සඳහා නිදහස් කර ඇති බවයි වාර්තා වන්නේ.

එමෙන්ම, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමෙන් මතීෂ පතිරණ ද, වනිඳු හසරංග රාජස්තාන් රෝයල්ස් කණ්ඩායමෙන් නිදහස් කර තිබෙනවා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකා හිටපු නායක දසුන් ශානක රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ද, ඒෂාන් මාලිංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් ද, නුවන් තුෂාර රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ද තවදුරටත් එම කණ්ඩායම්වල රඳවා තබාගනු ඇති බව සඳහන්.

2027 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය (mini-auction) එළඹෙන දෙසැම්බර් 16 වැනිදා ඉන්දියාවේ ගෝවා (Goa) හිදී පැවැත්වීමට නියමිතයි.