මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ හතරවන කොටසේ පළමු අදියර වන කුරුණෑගල සිට ගලේවෙල දක්වා වන මාර්ග කොටස කොන්ත්‍රාත් පැකේජ 12ක් යටතේ ක්‍රියාත්මක කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
අද (17) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවෛ් පැවැති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස විසින් මේ සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණා.
මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කුරුණෑගල සිට දඹුල්ල දක්වා වන හතරවන කොටසේ පළමු අදියර ලෙස කුරුණෑගල (කිලෝමීටර 78+000) සිට ගලේවෙල (කිලෝමීටර 116+500) දක්වා වන මාර්ග කොටස ඉදිකිරීම පිණිස 2026-06-30 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇති බවට වාර්තාවෙනවා.
එම අදියර කොන්ත්‍රාත් පැකේජ 12 ක් යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවන් තෝරා ගැනීමට ජාතික තරගකාරී ප්‍රසම්පාදන ක්‍රමය අනුගමනය කරමින් ලංසු කැඳවා තිබෙනවා.
ඒ සඳහා ලැබී ඇති ලංසු ඇගයීමෙන් අනතුරුව ඉහළ මට්ටමේ ප්‍රසම්පාදන කමිටුව විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති නිර්දේශ මත පදනම්ව, සාරානුකූල ප්‍රතිචාරාත්මක අවම ලංසුකරුවන්ට එකී කොන්ත්‍රාත්තු පිරිනැමීම පිණිස ප්‍රවාහන, මහා මාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බවටත් අමාත්‍යවරයා සඳහන් කරනවා.










