Rajapura Handi Oil
Rajapura Diabetic Powder

දිට්වා සහන සැපයීම සඳුදා සිට ඇනහිටී – නිලධාරීන් වැඩවර්ජනයක

එළඹෙන සඳුදා දිනයේ සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව සමස්ත ලංකා ආපදා සහන සේවා නිලධාරීන්ගේ වෘත්තිය සමිතිය පවසනවා.

එම වෘත්තීය සමිතියේ සභාපති උපුල් කුමාර සඳහන් කර සිටියේ සිය සංගමය විසින් දිගින් දිගටමා සිදු කරනු ලබන වෘත්තීය ඉල්ලීම් රජය විසින් පැහැර හරිම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි.

ආපදා සහන සේවා නිලධාරී තනතුර ස්ථාපිත කිරීම සහ දිට්වා ආපදා සහන සේවා සඳහා එක්වරක් ගෙවනු ලබන දීමනාව ගෙවා අවසන් කිරීම ද එම ඉල්ලීම්වලට ඇතුළත් බවයි, වෘත්තීය සමිති සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඒ අනුව, සිය ඉල්ලීම්වලට කිසිදු විසඳුමක් නොමැති හෙයින් ලබන 16 සඳුදා සිට දීප ව්‍යාප්ත අඛණ්ඩ වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවත්, එහිදී දිට්වා ආපදා සහන සැපයීමේ කටයුතුවලින්ද ඉවත් වන බවත්, ආපදා සහන සේවා නිලධාරීන් පෙන්වා දුන්නා.