Rajapura Handi Oil
Rajapura Diabetic Powder

අවසන් පන්දුවෙන් පාකිස්ථානය පැරදූ ඉන්දීය යෞවනයන් ආසියාවේ ශූරයින් වෙයි

වයස අවුරුදු 19න් පහල ආසියානු කුසලානයේ අවසන් මහා තරගය ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

ඒ, ක්‍රිකට් පිටිය තුළ මෙන්ම දේශපාලනිකව ද සිය පරම සතුරන් වන පාකිස්ථානය සමඟ පැවති තියුණු සටනකින් අනතුරුවයි.

අවසන් තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණයෙන් අනතුරුව පළමුවෙන් පන්දුවට පහරදුන් පාකිස්ථාන වසය අවුරුදු 19න් පහළ කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 337ක් රස කර ගනිමාට සමත් වුණා.

ආසියාවේ ශූරයින් ලෙස කිරුළු දැරීමේ අරමුණෙන් එම ඉලක්කය හඹා යෑමට පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමට තරගය ජයග්‍රහණය එතරම්පහසුවෙන් ලබා ගැනීමට පාකිස්ථාන පන්දු යවන්නන් ඉඩහසර ලබා දුන්නේ නැහැ.

කෙසේ වෙතත් තරගයේ අවසන් පන්දුවාර සඳහා ඉන්දීය කණ්ඩායමට ලකුණු 08ක් අවශ්‍ය වුණා.

ඒ වන විටත් සිය ඉනිමේ කඩුලු 09ක් දැවී ගොස් තිබූ නිසාවෙන් ඉන්දීය පිතිකරුවන්ට මෙම ඉලක්කය එතරම් පහසු වූයේ නැහැ.

එනමුත්, අංක 09 වෙනි පිතිකරු ලෙස පිටියට පැමිණි ඉන්දීය කණ්ඩායමේ මොහිත් උල්වා ඉන්දීය කණ්ඩායම නොතිබූ ජය්ටාක් අත්කාර දුන්නේ අවසන් පන්දුවට සුපිරි හතරේ පහරක් එල්ල කරමින්.

මොහිත් උල්වා නොදැවී පන්දු 26කින් ලකුණු 49ක් සහ චිගුරුපති සුභාෂ් නොදැවී පන්දු 08කින් ලකුණු 11ක් රැස්කර දිය කණ්ඩායමට ජය අත්කර දුන්නා.