අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ, උදය ගම්මන්පිල, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඇතුළු පිරිසකට එරෙහිව කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඉදිරිපත් කර තිබෙන පැමිණිල්ල සලකා බැලීම අද අභියාචනාධිකරණය හමුවේ ආරම්භ වුණා.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය, චමත් මොරායස් සහ ආදිත්‍ය පටබැඳිගේ යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පැමිණිල්ල සලකා බැලීම සිදු වෙනවා.
එහිදී වගඋත්තරකාර උදය ගම්මන්පිල මහතා පෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කළා.
මෙහි විභාගය තවදුරටත් පැවැත්වෙනවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා ගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානීන් සුනිල් සලේ
අත්අඩංගුවට ගෙන රඳවා ගැනීම සම්බන්ධයෙන් සිදුකළ ප්‍රකාශ වලින් අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවට චෝදනා කරමින් කොටුව මහේස්ත්‍රාත් විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබෙනවා.
