හිරුණිකාගේ අභියාචනය විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්

සිරදඬුවමට එරෙහිව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් ඉදිරිපත් කර තිබෙන අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණ සභාපති විනිසුරුවරයා විසින් ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් නම් කරනු ලැබුවා.

එම අභියාචනය සම්බන්ධයෙන් තීන්දුව ලබාදීමේදී විනිසුරුවරු අතර බෙදීමක් ඇතිවීම නිසා ඒ පිළිබඳව ඉදිරි පියවර ගැනීම සඳහා අදාළ අභියාචනය, අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා වෙත යොමු කෙරුණා.

ඒ අනව මෙම අභියාචනය අද (11) අභියෝජනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය මහතා ඉදිරියේ කැඳවනු ලැබුවා.

එහිදී අදාළ අභියාචනය විභාග කිරීම සඳහා අභියාචනාධිකරණයේ සභාපති විණිසුරු රොහන්ත අබේසූරිය,
පී කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගේ සමන්විත විනිසුරු මඩුල්ලක් නම් කෙරුණා.

ඒ, අනුව එම විනිසුරු මඩුල්ල ඉදිරියේ අදාළ අභියාචනා විභාගය ජනවාරි මස 21 වනදා පවත්වන බවත් අධිකරණය තීන්දු කළා.

2015 වසරේ දෙසැම්බර් මස 21 වන දෙමාටගොඩ ප්‍රදේශයේත් වෙළඳසැලක සේවය කළ තරුණයකු ඩිෆෙන්ඩර් රථයකින් පැහැරගෙන ගොස් අයුතු ලෙස සිරකර තබා පහරදීම ඇතුළු චෝදනාවලට වැරදිකාරිය කෙරුණු කිරණිකා ප්‍රේමචන්ද්‍ර කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර තුනක සිරදඬුවම් හා දඩ නියම කළා.

එම දඬුවම් වලින් තමන්ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඇය විසින් මෙම අභියාචනය ඉදිරිපත් කර තිබෙනවා.