එකලස් කරන ලද වාහනයක් සන්තකයේ තබාගැනීම ඇතුළු මෝටර් රථ වාහන පනතේ චෝදනා තුනකට අදාළව අධිකරණයේ දී වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට දඬුවම් නියම කිරීම සම්බන්ධයෙන් තීන්දුව නොවැම්බර් 25 දක්වා කල් තැබීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (11) නියෝග කළා.
කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කින්ස්ලි හෙට්ටිආරච්චි මහතා විසින් මෙම නියෝගය සිදුකරනු ලැබුවා.
සිද්ධියට අදාලව තමන් වරදකරු බවට හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී ඉකුත් 28 වන දින වරද පිළිගෙන තිබුණා.
