පූජ්‍ය බලංගොඩ කස්සප හිමි ඇතුළු හිමිවරුන් තුන්නමක් අද (11) පෙරවරුවේ සිට මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
අනුරාධපුර පූජා භූමි සංවර්ධන ව්‍යාපෘතිය අත්හිටුවීම, පූජ්‍ය ඥානසාර හිමියන් වෙත ජනාධිපති සමාව ලබාදීම යන කරුණු අරභයා උන් වහන්සේ ලා මෙම මාරාන්තික උපවාසය ආරම්භ කර තිබෙන බවට වාර්තාවෙනවා.
එම ඉල්ලීම් මුල්කරගනිමින් රුවන් වැලි සෑය අභියස පසුගිය දින කිහිපයක් සිට උන් වහන්සේ ලා විසින් සත්‍යග්‍රහයක් ද පැවැත්වුවා.
ඒ අතරතුර පූජ්‍ය කස්සප හිමි ඇතුළු හිමිවරුන් තුන්නමක් අද උදෑසන සිට මෙලෙස මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබෙනවා.
