මේ වන විට සිර දඬුවම් නියමවී සිටින හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනව දූෂණ චෝදනා ඇතුළත් නඩුවකින් නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය විසින් ගනු ලැබූ තීරණය අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම විසින් ඉදිරිපත් කළ අභියාචනය විභාගයට ගැනීමට අභියාචනාධිකරණය දින නියම කර තිබෙනවා.
හිටපු අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් ගොනුකර තිබූ නඩුවකින් කොළඹ මහාධිකරණය විසින් මීට පෙර ඔහු නිදහස් කිරීමට නියෝගයක් නිකුත් කර තිබුණා.
එම නියෝගය අභියෝගයට ලක් කරමින් අල්ලස් කොමිසම විසින් මෙම ප්රතිශෝධන පෙත්සම අභියාචනාධිකරණයට ඉදිරිපත් කර තිබෙනවා.
මේ දිනවල බන්ධනාගාරයේ පැතිර යන සරම්ප රෝගය හේතුවෙන් රැඳවියන් අධිකරණයට ඉදිරිපත් නොකරන බැවින්, බන්ධනාගාරගතව සිටින සරණ ගුණවර්ධන සූම් තාක්ෂණය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබුණා.
එහිදී දෙපාර්ශවයේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ අධිකරණය මෙම පෙත්සම විභාග කිරීම සඳහා පෙබරවාරි මස 10 වැනිදා කැඳවන ලෙස නියම කළා.
ඒ, මෙම පෙත්සම අද (10) අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම නියෝගය ලබාදී තිබෙනවා.










