නීතිවිරෝධි අයුරින් තමන් විසින් ඩ්‍රෝන් කැමරා ගෙන්වූ බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බවට සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර අවධාරණය කරනවා.
අද (09) සවස රාජගිරියේදී පැවැති මාධ්‍ය හමුවක් අමතමින් නලින් බණ්ඩාර ඒ බව ප්‍රකාශ කළා.
තවදුරටත් කරුණු දැක්වු මන්ත්‍රීවරයා, තමන් සහ තමන්ගේ බිරිඳත් සිංගප්පූරු ගිහින් පැමිණි බවටත්, තමන්ගේ පුතාට ව්‍යාපාරයක් තිබෙන බවත්, එය ඔහුගේ පුතාට සහ බිරිඳට අයත්ඒ එකක් බවත් ප්‍රකාශ කරනවා.
එම ව්‍යාපාරය සදහා TRC Approval එක තිබෙන නමුත් MOD Approval එක තිබුනේ නැති බවත්, තමන් ඩ්‍රෝන කැමරා ඇතුළු භාණ්ඩ නිෂ්කාෂණය කර තිබෙන බවත්, අවශ්‍ය බලපත්‍ර ප්‍රමාණවත් නොවීම නිසා මෙම සිද්ධියට මුහුණ දුන් බවටත් පෙන්වා දෙනවා.
එහෙත් සිද්ධිය සම්බන්ධයෙන් මාධ්‍ය වැරදි පුවතක් ප්‍රචාරය කරන බවටත්, හොර බඩු ගෙනාවා වගේ මතයක් පතුරුවන බවටත්, තමන් ගෙනා මයික් ටික නිදහස් කල බවත්, දැනට Pending Approval කියලා තමන්ට Notice එක දීලා තිබෙන බවත් ඔහු අවධාරණය කරයි.
තමන් Drone ගෙනාවේ පුතාගේ ව්‍යාපාරයට බව නැවත අවධාරණය කරන මන්ත්‍රීවරයා, එම ව්‍යාපරය තමන්ගේ නොවන බවත්, එම ඩ්‍රෝන කැමරා බදු ගෙවා රැගෙන එන්නට ගෙනා බවත් ප්‍රකාශ කරනවා.
ඒ වගේම මීට කලිනුත් තමන්ගේ පුතා මේ අයුරින් එම භාණ්ඩ ගෙනත් තිබෙන බවටත්, තමන්ගේ පුතා පොඩි කාලයේ සිටම තමන්ගේ ව්‍යාපාරයක් ලෙසින් මෙය කරගෙන යන බවටත් අවධාරණය කළ මන්ත්‍රීවරයා, මාධ්‍ය මගින් නිවැරදි තොරතුරු ප්‍රචාරය කරන ලෙසත් ඉල්ලා සිටිනවා.
