මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් බිලියන 190ක මුදලක් විදේශ රටවලට යැවූ බව කියන සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගත් බැංකු නිලධාරීන් දෙදෙනෙකු ලබන 09 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඔ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (07) නියෝග කළා.
සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය කරන ලද කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.
එලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ NDB බැංකුවට සහ තවත් රක්ෂණ සමාගමකට අනුබද්ධව සේවයේ නියුතු කුෂාන් පුෂ්පකුමාර දේවදාස සහ DFCC බැංකුවේ සේවයේ නියුතු රගුනාදන් ප්‍රදීපන් යන අයයි.
ජිෆ්රි මොහොමඩ් ඇතුළු සැකකරුවන් දෙදෙනකු මෙම සිද්ධියට අදාළව ලබන 12 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.
මෙම සිද්ධියට අදාළව ආධාර අනුබල දුන් බවට මීට පෙර ද බැංකු හතරක ප්‍රධානීන් අත්අඩංගුවට ගෙන ඇපමත මුදාහැර තිබෙනවා.
මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් ඊයේ (06) සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණා.
