බුලත්කොහුපිටිය පොලිස් වසමේ, නේවුස් මියර් බුලත් වත්ත, කැලෑ බද ප්‍රදේශයක පවත්වාගෙන ගිය මහා පරිමාණ නීතිවිරෝධි මත්පැන් බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් බුලත්කොහුපිටිය පොලිස් නිලධාරීන් විසින් ඊයේ සවස සෝදිසියට ලක් කර තිබෙනවා.
එහිදී කසිප්පු ස්පිුතූ මි.ලී 33150 ගෝඩා මි.ලී 5.45000 බූලි සහ පිරීමට ගන්නා උපකරණ රැසක් සොයාගැනීමට පොලීසියට හැකිවුණා.
සිද්ධිය සම්බන්ධයෙන් අවුරුදු 35ක පමණ සැකකරුවෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් භාණ්ඩ හා සැකකරු අද (07) රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවට වාර්තාවෙනවා.
