මෙවර ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් 23 වන දින ඇරඹේ

මෙවර ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය දෙසැම්බර් මස 23 වන දිනට යෙදෙන උඳුවප් පෝ දින ආරම්භ වන බව ශ්‍රී පාදස්ථානාධිපති අතිපූජ්‍ය බෙන්ගමුවේ ධම්මදින්න නාහිමියන් සඳහන් කර තිබෙනවා.

ඊයේ (06) රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේදී පැවැති 2026-2027 ගෞතම ශ්‍රී පාද වන්දනා වාරය ආරම්භ කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ සාකච්ඡාවට එක්වෙමිනි උන්වහන්සේ මේ බව පැවසුවා.

මෙම අවස්ථාවට සබරගමුව පළාත් ආණ්ඩුකාර චම්පා ජානකී රාජරත්න, රත්නපුර ,නගරාධිපති ඉන්ද්‍රජිත් කටුගම්පල ප්‍ රධාන ලේකම් උපලි ජයසේකර රත්නපුර දිස්ත්‍රික් ලේකම් ලලිත් ආනන්ද නුවරඑලිය දිස්ත්‍රික් ලේකම් R A D T N තෙන්නකෝන් රත්නපුර මහ සමන් දේවලයේ බස්නායක නිලමේ සoඛ මාපිටිගම මහත්ම මහත්මීන් එක් වී සිටියා.

මෙම වසරේ දෙසැම්බර් මස 23 වැනිදාට යෙදෙන උඳුවප් පෝ දිනෙන් ආරම්භ වන ශ්‍රී පාද වන්දනා වාරය 2027 වෙසක් පෝ දිනෙන් නිමාවට පත්වෙතවා.

ඒ අනුව පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේ විශේෂ කුටියක තැන්පත් කර ඇති සධාතුක කරඬුව සහ සුමන සමන් දේව ප්‍රතිමා මෙම වසරේ දෙසැම්බර් මස 21 වනදා ගල්පොත්තාවල ශ්‍රී පාද රජමහා විහාරස්ථානයේදී බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා තැන්පත් කිරීමට කටයුතු යොදා තිබෙනවා..

ඉන් අනතුරුව දෙසැම්බර් මස 22 වන දින අලුයම පැල්මඩුල්ල සිට ශ්‍රී පලාබද්දල මාර්ගය, හැටන් මාර්ගය, කුරුවිට-එරත්න මාර්ගය හා බලංගොඩ මාර්ගය ඔස්සේ ශ්‍රී පාද මළුව වෙත මාර්ග හතරක් ඔස්සේ වැඩම කරවනු ලැබෙනවා.

එලෙසම 23 වන දින සධාතුක කරඬුව සහ සුමන සමන් දේව ප්‍රතිමා ශ්‍රී පාද උඩමළුවේ තැන්පත් කිරීමට නියමිතය.

ඉන් අනතුර මෙවර ශ්‍රී පා‍‍‍ඳ වාරය ආරම්භ වෙනවා.