හබරණ – මින්නේරිය ප්‍රධාන මාර්ගයේ මෝටර් රථයක් හා ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් අද (06) පස්වරුවේ සිදුවූ අනතුරකින් විශේෂඥ වෛද්‍යවරයෙක් මියගොස් තිබෙනවා.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොළොන්නරුව මහ රෝහලේ රාජකාරී කළ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක්.
අනතුරින් බරපතල තුවාල ලබා සිටි 50 හැවිරිදි වියේ පසු වූ විශේෂඥ වෛද්‍යවරයා ප්‍රතිකාර සඳහා හබරණ ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වුණේ.
අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, වැඩිදුර පරීක්ෂණ කටයුතු මින්නේරිය විසින් පොලිසිය සිදුකරනවා.
