අද (06) පස්වරුවේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශ රැසකට අධික වර්ෂාපතනයක් පතිත වුණා.
ඒ, අනුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ‘දසත නිවුස්’ කළ විමසීමක දී එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශිකාවක සඳහන් කළේ, මිලිමීටර් 129ක වර්ෂාපතනයක් අද (06) පස්වරුවේ කොළඹ නගර සභා බලප්‍රදේශයෙන් වාර්තා වී ඇති බවයි.
පැය කිහිපයක් වැනි කෙටි කාලයක් තුළ මෙම තද වර්ෂාපතනය ඇදහැලී තිබෙනවා.
මෙම අධික වර්ෂාපතනයත් සමඟ කොළඹ නගරයේ මාර්ග රැසක් ජලයෙන් යට වූ අතර, මේ හේතුවෙන් මාර්ගවල දැඩි රථවාහන තදබදයක් ද වාර්තා වුණා.
