2026 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවේ නිල ජාතික දරිද්‍රතා රේඛාව එක් පුද්ගලයෙකුට මසකට රු. 17,742ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද නවතම දත්ත පෙන්වා දෙනවා.
මූලික අවශ්‍යතා සපුරා ගැනීම සඳහා,එක් පුද්ගලයෙකුට මසකට අවශ්‍ය වන අවම වියදම, දරිද්‍රතා රේඛාව ලෙස සැලකෙනවා.
ඒ අනුව, යම් පුද්ගලයෙකුගේ මාසික වියදම දරිද්‍රතා රේඛාවට වඩා අඩු නම්, එම පුද්ගලයා දරිද්‍රතාවයෙන් පෙළෙන අයෙකු වනවා.
ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ දත්ත වාර්තා අනුව, සැප්තැම්බර් මාසයේදී ඉහළම දරිද්‍රතා රේඛාව කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ අතර, එය එක් පුද්ගලයෙකුට මසකට රුපියල් 19,136ක් ලෙසයි සටහන් වුණේ.
ඊට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ රුපියල් 19,037ක් සහ කළුතර දිස්ත්‍රික්කයේ රුපියල් 18,624ක් ලෙස වාර්තා වුණා.
මොනරාගල දිස්ත්‍රික්කයේ දරිද්‍රතා රේඛාව රුපියල් 16,965ක් වූ අතර එය මෙරට අඩුම දරිද්‍රතා රේඛාව ලෙස සැලකෙනවා.
