නාවික හමුදාව විසින් භාරයට ගෙන අද (05) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබූ බහුදින ධීවර යාත්‍රාවේ තිබී කිලෝ 150ට අධික මත්ද්‍රව්‍ය හමු වූ බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර පවසනවා.
එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාමක රුපියල් බිලියන 03කට ආසන්න බවයි නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.
දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේදී ඊයේ (04) දිනයේ දී මත්ද්‍රව්‍ය බවට සැක උර තොගයක් සමඟ නාවික හමුදා විසින් මෙම බහුදින ධීවර යාත්‍රාව ඊය භාරයට ගනු ලැබුවා.
එමෙන්ම එම යාත්‍රාවේ සිටි සැකකරුවන් 05 දෙනෙක් ද අත්අඩංගුවට ගෙන තිබෙනවා.
