හබරාදූව පොලිස් වසමේ උණවටුන ප්‍රදේශයේදී දුරකථන ඇමතුම් ලබා දෙමින් කප්පම් ඉල්ලා තර්ජනය කිරීම සම්බන්ධයෙන් පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රුපියල් ලක්ෂ 10ක (ලක්ෂ දහයක්) කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයේ ප්‍රතිඵලයක් ලෙස මෙම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා.
මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 36 සහ 19 වයස්වල පසුවන උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මෙම සැකකරුවන් එම ප්‍රදේශයේ සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස පෙනි සිටිමින් මෙම දුරකථන ඇමතුම් ලබාදි මෙලෙස කප්පම් මුදල් ඉල්ලා ඇතිබවට විමර්ශන මගින් අනාවරණය වී තිබෙනවා.
මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
