ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පීඨයේ සිසුන් පිරිසක් නවක වදයට ලක්කරන බවට පැවසෙන වීඩියෝ පටයක් මේ වන විට සමාජ මාධ්‍යයේ සංසරණය වනවා.
එම වීඩියෝ පටයා සම්බන්ධයෙන් ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ, දේශීය වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපති විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
පසුගිය 02 වන දින ගම්පහ වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යා පීඨයේ තෙවන වසර සිසුන් පිරිසක් සහ ඊට ඉහළ වසරවල සිසුන් පිරිසක් අතර ඇති වූ පෞද්ගලික ගැටලුවක් පැවති අවස්ථාවේ දී ලබා ගත් වීඩියෝ දර්ශනයක් පදනම් කරගනිමින් විශ්වවිද්‍යාලය තුළ නවක වදය ක්‍රියාත්මක වන බවට හුවා දක්වමින් විශ්වවිද්‍යාලයේ කීර්ති නාමයට හානි පැමිණවීමේ අරමුණින් මේ දිනවල සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝව නවක වදයට සම්බන්ධ වීඩියෝවක් නොවන බවයි පීඨාධිපතිවරයා පවසන්නේ.
පළමු හා දෙවන වසර විද්‍යාර්ථීන් ඉතා නිදහස් පරිසරයක තම අධ්‍යයන කටයුතුවල නිරත වන අතර කිසිදු නවකවධ සිද්ධියක් මේ වනතුරු වාර්තා වී නොමැති බවත්, දැනට වසර ගණනාවක සිට විශ්වවිද්‍යාලය නවක වදයට තොර කලාපයක් ලෙස පවත්වා ගෙන යාමට අවශ්‍ය සියලු විධිවිධාන සම්පූර්ණ කර තිබෙන බවත් අදාළ නිවේදනය මඟින් පීඨාධිපතිවරයා පෙන්වා දී තිබෙනවා.
ඉහත සඳහන් වීඩියෝව නවකවධ සිදුවීමක් ලෙස හුවා දක්වමින් විශ්වවිද්‍යාලයේ කීර්ති නාමය විනාශ කිරීමටත් සාවද්‍ය තොරතුරු සමාජගත කරමින් පෞද්ගලික න්යායපත්ර ක්‍රියාත්මක කිරීමටත් ඇතැම් පිරිස් උත්සාහ දරන බවද එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්.
උද්ගත වූ සිද්ධිය සම්බන්ධයෙන් විනය විරෝධී ව කටයුතු කළ සියලු දෙනා සඳහා අදාළ පරීක්ෂණ විශ්වවිද්‍යාලය මගින් ආරම්භ කර ඇති අතර ඊට සමගාමී ව ශ්‍රී ලංකා පොලිසිය මගින් ද පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
මෙම සිදුවීම කිසිසේත්ම නවකවධය සම්බන්ධ සිදුවීමක් නොවන බව දේශීය වෛද්‍ය විද්‍යා පීඨයේ පීඨාධිපතිවරයා සඳහන් කරනවා.










