රජය විසින් පෞද්ගලික මාධ්‍ය ආයතනයකට මිලියන 10 ලබාදීම සම්බන්ධව වහාම පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින්, සමගි ජන බලවේග හිටපු පළාත් සභා මන්ත්‍රී, නිරෝෂන් පාදුක්ක, අද දින (04) අල්ලස් කොමිසමට පැමිණිල්ලක් භාරදුන්නා.
රජය විසින් පෞද්ගලික මාධ්‍ය ආයතනයට රුපියල් මිලියන 104.6 ක (කෝටි 10.4 කට අධික) අනුග්‍රාහක මුදලක් ලබාදුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් වත්මන් දේශපාලන හා සමාජ මාධ්‍ය ක්ෂේත්රය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබෙනවා.
ශ්‍රී ලංකාවේදී පැවැත්වුණු ලොව විශාලතම මාධ්‍ය සංගමයක් වන ආසියා ශාන්තිකර විකාශන සංගමයේ (ABU) 63 වන මහා සමුළුවේ, සංගීත උළෙලේ සහ ඒ ආශ්රිත වැඩසටහන් මාලාවේ සත්කාරකත්වය දැරීම වෙනුවෙන් මෙම අනුග්‍රාහක මුදල රජය විසින් වෙන් කර ඇති අතර, එහි සත්කාරක විකාශකයා (Host Broadcaster) ලෙස මෙරටේ පෞද්ගලික මාධ්‍ය ආයතනයක් කටයුතු කර තිබුණා.
ඒ අතර, කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස, මෙම අරමුදල් ලබා දී ඇත්තේ රජයේ මහා භාණ්ඩාගාරයෙන් හෝ මහජන බදු මුදල්වලින් නොවන බව අවධාරණය කළා.
ඒ අතරතුර සමගි ජනබලවේගයේ හිටපු පළාත්සභා මන්ත්‍රී නිරෝෂන් පාදුක්ක , අද දින මේ පිළිබඳව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් භාරදීමට කටයුතු කළා.










