කාන්තා නායකත්වය,තවදුරටත් සමානාත්මතාව ළඟා කර ගැනීම පිළිබඳ ඉලක්කයක් පමණක් නොවන බවත්, ඉන් එහා ගිය ගෝලීය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක් බවට පත් ව ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
“ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ප්‍රවර්ධනය කිරීම, සමෘද්ධිමත් හා ඔරොත්තු දීමේ හැකියාවෙන් යුත් පොදුරාජ්‍ය මණ්ඩලයක් සඳහා වන ආයෝජනය” යන තේමාවෙන් 2026 නොවැම්බර් 02 වන දින ඇන්ටිගුවා සහ බාබුඩා රාජ්‍යයේ ශාන්ත ජෝන්ස් නගරයේ පැවති පොදුරාජ්‍ය මණ්ඩලයීය කාන්තා සංසදයේ පළමු සභා වාරයේ සමාරම්භක සැසිය අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළා.
වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍යතුමිය,
කාන්තා නායකත්වය කියන්නේ තවදුරටත් හුදෙක් සමානාත්මතාව ළඟා කර ගැනීම පිළිබඳ ඉලක්කයක් පමණක් නොවෙයි. ඉන් එහාට ගිය ගෝලීය පැවැත්ම සඳහා අත්‍යවශ්‍ය කොන්දේසියක්.
භූ දේශපාලනික අස්ථාවරත්වය,ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් ව කාන්තාවන්ට එරෙහිව සිදු වන ප්රචණ්ඩත්වය, තාක්ෂණය හරහා සිදුවන අපයෝජන සහ දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන අභියෝග දිනෙන් දින වැඩි වෙමින් පවතිනවා.ගෝලීය දකුණේ රටවල අත්දැකීම් අනුව සාමූහික ප්‍රවේශයක් මේ සඳහා අවශ්‍ය බව ඉතා පැහැදිලියි. ඒ වගේම කාන්තාවන් බලය, ප්රාග්ධනය සහ ආරක්ෂාව ලබා ගැනීමේදී ඇති බාධාකාරී ව්‍යුහාත්මක ක්‍රමවේදයන් ඉවත් කිරීමත් අත්‍යවශ්‍යයි.
විශේෂයෙන්ම අවදානමට ලක්විය හැකි දූපත් රාජ්‍යයන්හි කාන්තාවන්ට ඇති කරන බලපෑම පිළිබඳව අවධානය යොමු කළ විට, දේශගුණික වශයෙන් ද කාන්තාවන්ට යුක්තිය තහවුරු කිරීම ඉතා වැදගත්. ඒ වගේම ප්‍රජාවන් විසින් මෙහෙයවනු ලබන වැඩසටහන් සඳහා ණය බරක් ඇති නොකරන සෘජු දේශගුණික මූල්‍ය ආයෝජන ලබාදීමත් අවශ්‍යයි.
කාන්තාවන් වෙනුවෙන් සැබෑ සමානාත්මතාව ළඟා කරගත හැකි වන්නේ කඩින් කඩ සිදුකරන ප්‍රතිපත්ති සංශෝධන මගින් නොවෙයි. ඒ සඳහා සමස්ත සමාජයම එකතු වී ශක්තිමත් නොසැලෙන සන්ධානයක් ගොඩ නැගීම තුළිනුයි. ඒ සඳහා රජයන්, සිවිල් සමාජය, පෞද්ගලික අංශය මෙන්ම පුරුෂ පාර්ශවය ද සක්‍රීය සහකරුවන් ලෙස එක්වීම වැදගත්.
ඒ අනුව ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව ඉදිරියට ගෙන යාමට සහ පොදුරාජ්‍ය මණ්ඩලීය රටවල් අතර සාමූහික ක්‍රියාකාරීත්වය ශක්තිමත් කිරීම වෙනුවෙන් 14 වන පොදුරාජ්‍ය මණ්ඩලීය කාන්තා කටයුතු අමාත්‍යවරුන්ගේ සමුළුව ශ්‍රී ලංකාවේ දී පැවැත්වීමට අපේ රජය සූදානමින් සිට්නවා.
දැනට පවතින ප්‍රතිඥා සහ කැපවීම් අර්ථවත් ක්‍රියාමාර්ග බවට පරිවර්තනය කරමින් සෑම කාන්තාවකටම සහ ගැහැනු දරුවෙකුටම සමෘද්ධිය, ස්වාධීනත්වය සහ ඔරොත්තු දීමේ හැකියාව තහවුරු කිරීමට එක්වන ලෙස ද අග්‍රාමාත්‍යවරිය සියලු පාර්ශ්වකරුවන්ගෙන් ඉල්ලා සිටියා .
මෙම සැසියට මහා බ්‍රිතාන්‍යයේ රාජකීය බිසව කැමිලා පාකර් සහ පොදුරාජ්‍ය මණ්ඩලීය නියෝජ්‍ය මහලේකම්වරයා ඇතුළු පොදුරාජ්‍ය මණ්ඩලීය නායකයන්, සම්භාවනීය අමුත්තන් සහ නියෝජිතයෝ සහභාගී වුණා.
