රුපියල් හාර කෝටි අනූහතර ලක්ෂ හතළිස් දහසක් වටිනා කොකේන් මත්ද්රව්ය තොගයක් සමඟ විදෙස් ජාතිකයෙක් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරු අද (01) පස්වරුවේ අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
මොහු 64 හැවිරිදි වියේ පසුවන දකුණු කොරියානු ජාතික වඩු කාර්මික ශිල්පියෙක්.
මෙම සැකකරු පසුගිය 26 වනදා මෙම මත්ද්රව්ය තොගය ද රැගෙන සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපොළේ සිට ඩුබායි වෙත පැමිණ එතැන් සිට ෆල්යි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ්.- 579 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
එහිදී ඔහුගේ මත්ද්රව්ය සහිත ගමන් මල්ල ඔහු පැමිණි ගුවන් යානයෙන් රැගෙන පැමිණ නොතිබූණු අතර, වෙනත් ගුවන් යානයකින් එම ගමන් මල්ල කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබූ බවයි වාර්තා වන්නේ.
මේ පිළිබද බුද්ධි තොරතුරු පොලිස්පතිවරයා වෙත ලැබී තිබූ අතර, ඒ අනුව මත්ද්රව්ය සහිත ගමන් මල්ල රැගෙන යාමට අද (01) දිනයේ පැමිණි අවස්ථාවේ දී මොහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකාර කොරියානු ජාතිකයා සහ ඔහු විසින් ඒවා තිබූ මත්ද්රව්ය තොගය හෙට (02) දිනයේ මීගමුව මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
